විශේෂ යානයෙන් මෝටර් රථ සහ විදුලි සෝපාන අරන් සෞදි රජු ගිය ගමන(VIDEO)

0
11838

ආසියානු රටවල සංචාරයක යෙදෙන  සෞදියේ සල්මාන් අබ්දුල්ලාසි අල් සෞද් රජු සිය පිරිවර ද සමඟ තෙදින සංචාරයක් සඳහා චීනයේ බීජීං අගනුවරට පැමිණියා.

සිය විශේෂිත ගුවන් යානයෙන් පැමිණි රජු ඇතුළු පිරිසට චීන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

චීන ජනපති හමුවීමෙන් පසු සෞදියත් චීනයත් අතර ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි රජතුමා කටයුතු කරන  බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අභ්‍යවකාශ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් ද සෞදි රජු චීන බලධාරීන් සමඟ සාකච්ඡා කළේ යැයි වාර්තා වනවා.

සිය විශේෂිත ගුවන් යානයෙන් ටොන් ගණනක් බඩු මුට්ටු, මෝටර් රථ සහ විදුලි සෝපාන ද සමඟ පැමිණි රජු ඇතුළු පිරිසට චීන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවයි වාර්තා වන්නේ.

Comments

comments