දැරියක් ඇතුළු තුනක් මරුවාට බිළි කළ එගොඩ උයනේ අනතුර

0
1422

මොරටුව එගොඩඋයනේ දී බස් සහ ලොරි අනතුරකින් බස් නැවතුමේ සිටි මගීන් තිදෙනකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු වූයේ අද පස්වරුවේදී යි.

බසයේ හැපුණු ලොරිය මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමේ සිටි පිරිස යටකරගෙන ගොස් නැවතී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය අය අතර පහළොස් හැවිරිදි දැරියක ද වනවා.

හැට හැවිරිදි කාන්තාවක් සහ හැට අට හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගිය ඉතිරි පිරිස අතර වනවා.

Comments

comments