“වැන්දඹුවක් හැටියට නෙමෙයි මම ආවේ..ආදරය පස්සේ දොරෙන් පැනලා ගියා..” – මන්ත්‍රීකම ගන්න හදන පැරදුණු ඇමති ගැන ගීතා කට අරී

0
34092

ස්ට්සර්ලන්තයේ පුරවැසි භාවය ඉවත් නොකර මහ මැතිවරණයට ඉදිරිපත් වූවායැයි චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සිය මන්ත්‍රී තනතුර අහිමි කිරීමට උත්සහ දැරීම පිළිබඳව අදහස් පළ කර තිබෙනවා.

ඇය සඳහන් කර ඇත්තේ හිටපු ඇමැතිවරයෙක්  තනතුර උදුරා ගැනීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මෙලෙස වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“දකුණු පළාතම නියෝජනය කරන එකම මන්ත්‍රීවරිය මම විතරයි. නමුත් අද මගේ මන්ත්‍රීකමත් අභියෝගයට ලක් කරලා. මට නාමයෝජනා දෙන කාලෙවත් ඊට පස්සේ මන්ත්‍රී වුණාම වත් ඒක අභියෝගයට ලක් කරන්න කවුරුත් කටයුතු කළේ නෑ.

එක් එක්කෙනාට හිතිච්ච හිතිච්ච වෙලාවට උසාවියට ගිහිල්ලා නඩු දාල මන්ත්‍රීකම් උදුරා ගන්නවා නම් මේ දෙසීය ගාණෙම මන්ත්‍රීකම් අභියෝගයට ලක් කරන්න ඕනැ. තව ඕනැ තරම් කට්ටිය ඉන්නවා මේ කාරණයට නඩු දාන්න. ඒ අය ගැන කිසිම කතාවක් නෑ. ඒ අය මට දාලා තියෙන චෝදනාව මම තරයේම ප්‍රතික්ෂේප කරනවා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ කාරණයේදී ඕනෑම වෙලාවකදී සාක්කි දෙයි. මම ස්විස් පුරවැසියෙක් නමෛයි. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් පමණයි. 

ඡන්ද විසිපන්දහසක් ගත්ත එතුමාට තමයි වුවමනාව තියෙන්නේ මගේ මන්ත්‍රී ධුරය උදුර ගන්න. මගේ මන්ත්‍රීකම උදුර ගන්න එතුමා පුදුම විදිහට සල්ලි වියදම් කරනවා. නීතිපතිතුමා මෙවැනි ප්‍රකාශ කළාට ඒවා මගේ නඩුවට බලපාන්නෙ නෑ. මම තාමත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන විශ්වාස කරනවා.

මේ මන්ත්‍රී ධුරය නිසා මම තරම් පරිත්‍යාගයක් කරපු කිසිම කෙනෙක් ඉතිහාසයේවත් නෑ. මගේ බිලියන ගණනක ස්විට්සර්ලන්තයේ දේපළ මගේ මේ මන්ත්‍රීකම වෙනුවෙන් කැප කළා. මගේ සැමියා මා සමග තදබල ලෙස උරණ වුණා. ඔහු එතරම් මාත් එක්ක කලකිරුණා. ඔහු හිතුවා මම පුරවැසිභාවය ඉවත් කර ගත්ත එක ඔහුට කරපු ලොකුම අපහාසය කියලා.

මම ඒ සියල්ල දරාගෙන හිටියා. මට ස්විට්සර්ලන්තයේ ගෙවල් දොරවල් අයිතිව තිබුණා. ඒ සියල්ල මට අහිමි වුණා. ආදරය පස්ස දොරෙන් පැනලා යන අවස්ථාවක මම ඒ සියල්ල විඳ දරාගෙන හිටියා. මම මේ මන්ත්‍රීකම ලබා ගත්තේ බොහොම පිවිතුරු චේතනාවෙන්. ඒක ගන්න මම කිසිම වංචාවක් දූෂණයක් කරලා නැහැ. ජනතා මුදල් නාස්ති කරලා නෑ. මම දේශපාලන ගමන පටන් ගත්තෙත් පහළම තැනින්.

මගේ අම්මා හරි තාත්තා හරි රටේ ජනාධිපති හරි අගමැති හරි වෙලා ඒ අයගේ දුව හැටියට නමෛයි මම පාර්ලිමේන්තුවට ආවේ. සැමියා මිය ගිය වැන්දඹුවක් හැටියටනෙමෙයි මම දේශපාලනයට ආවේ. බෙන්තර හපුරුගල කියන පුංචි ගමේ ඉපදිලා ගමේ පාසලෙන් ඉගෙන ගෙන කලාවට ඇවිත් සිනමා නිළියක් විදිහට යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් තමයි ජනතාවගේ ආදරය දිනාගෙන මම මේ තැනට ආවේ. මොනවා නැති වුණත් මගේ ජනතාව මාව බලා ගනීවි.”

Comments

comments