චීනයට අමෙරිකාවෙන් අදහසක්

0
2102

උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්ව ප්‍රතිචාර දැක්වීමට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර එකඟතාවක් ඇතිවී තිබෙනවා.

ඒ, චීනයේ සංචාරයක නිරතවන ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් චීනය දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතු බව ඇමරිකාවේ අදහසයි.

එය ලොව ආර්ථික බලවතුන් දෙදෙනා අතර සබඳතාවලට පවතින ප්‍රධාන බාධකයක් ලෙසද සැළකෙනවා.

චීනය උතුරු කොරියාවේ ප්‍රධානතම පාර්ශවකරු වීම ඊට හේතුවයි.

Comments

comments