අල්බට්‍රෝස් සුපිරි නැව මාගම්පුරට සේන්දුවූ හැටි

0
5803

යුරෝපයේ සිට සංචාරකයන් පිරිසක් රැගත් අල්බට්‍රෝස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මාගම්පුර වරායට පැමිණියා.

නෞකාවෙන් පැමිණි විදේශිකයන් වරාය අධිකාරිය මගින් උණුසුම්ව පිළිගනු ලැබුවා.

පසුව ඔවුන් කතරගම,බූන්දල,යාල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කර තිබෙනවා.

නෞකාව ඊයේ රාත්‍රී මාලදිවයින බලා පිටත්ව ගිය අතර මසකට අධික කාලයක සිට ලොවවටා සංචාරයේ නිරත මෙම නෞකාව ඩුබායි දක්වා ගමන් කිරීමෙන් පසුව සංචාරය නිම වනු ඇති.

මගීන් 503 දෙනෙකුගෙන් හා 351 දෙනෙකුගෙන් යුක්ත සේවක මණ්ඩලයකින් මෙම නෞකාව සමන්විතයි.

Comments

comments