Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඡායා අගමැති තනතුර එපා කියයි! ඇමතිවරයකුත් ඉවත්වෙයි!

2372Views

 

 
 

 

 

 

ඒකාබද්ධ විපක්ෂය ඊයේ (07) පිහිටුවාගත් ඡායා කැබිනෙට්ටුවක් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වනවා. අදාල ඡායා කැබිනෙට්ටුවේ අග්‍රාමාත්‍ය සහ පත්කොට ඇති අනෙකුත් ඇමති තනතුරු වලින් තමා ඉවත් කරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයට රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවා ගන්නට නොව, අමාත්‍යංශ අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට පමණක් බවයි වාර්තා වන්නේ.

ඡායා කැබිනෙට්ටුවේ නගර නිර්මාණ හා ජලසම්පාදන ඇමති ලොහාන් රත්වත්තේ මහතාද තමා නම්කර ඇති ඇමති තනතුරෙන් ඉවත් කරන ලෙසට දැනුම් දී ඇතැයිද වාර්තා වනවා.