Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

“තොල් පෙති අතරින්” කාම චිත්‍රපටය රූගත කළේ මෙලෙසයි

1723Views

 

 
 

 

 

 

කාම චිත්‍රපට පිළිබඳව මේ දිනවල ශ්‍රී ලංකාව තුළ යළිත් කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය දිනක මෙරට රූගත කළ “තොල් පෙති අතරින්” නම් චිත්‍රපටයක් හසුවීමත් සමගයි.

එය කාම චිත්‍රපටයක් නොවන බවට එම නිර්මාණයේ හිමිකරුවන් මේ වන විට තර්ක කරමින් සිටිනවා.

වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක මෙම චිත්‍රපටය රූගත කර ඇති අතර වත්තල ප්‍රදේශයේ පදිංචි මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපා ඇති තරුණියක් එයට රංගනයෙන් දායක වනවා.

උපන්දින සාදයකදී අධ්‍යක්ෂවරයා ඇයව හඳුනා ගෙන පසුව එහි ප්‍රධාන නිළිය ලෙස ඇයට රඟපාන ලෙස ආරාධනා කර ඇති අතර ඇයට නිළියක්‌ වීමේ උවමනාව තිබූ බවයි පැවසෙන්නේ.

ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපා ඇති පුද්ගලයෙක් ද රඟපෑමට එක්කර ගෙන ඇති අතර එහි පිටපත ද අධ්‍යක්ෂවරයා විසින්ම සකසා තිබෙනවා.

අත්තනගල්ලේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයත් වේයන්ගොඩ පිහිටි නිවසක් චිත්‍රපටයක රූගත කිරීම් සඳහා අවශ්‍ය බව කියා මෙම පුද්ගලයා කුලියට ගෙන තිබූ අතර එක්‌ තරුණියක්‌ වරින් වර තරුණයන් දෙදෙනකු සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන චිත්‍රපටය රූ ගත කර ඇත්තේ එහිදීයි.