Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

තව කෙනෙකුට ආදරය කරන්න වෙලාවක්‌ නැහැ – දිනක්ෂි

1534Views

 

 
 

 

 

 

දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල තමන්ගේ වෘත්තියටමුල්තැන දෙන බව සති අන්ත පුවත්පතක සඳහන් වනවා.

ඇගේ පෙම්වතා ගැනත් එහිදී විමසා තිබූ අතර ආදරය ගැන හිතපු කාලයක් තිබූ බවයි ඇය එහිදී සඳහන් කර තිබුණේ.

දිනක්‍ෂි පෙම්වතියක්‌ කියලත් ආරංචියි ?

අපොයි නැහැ. ගෙදරින් වගේම ප්‍රේක්‍ෂකයන්ගෙන් මට ආදරය ලැබෙනවා. එක්‌තරා විදිහකට බැලුවොත් පෙම්වතියක්‌ තමයි. මොකද මම පෙරළා ඔවුන්ට ආදරය කරනවානේ.

පෙම්වතා ජනප්‍රිය නළුවෙක්‌ කියන කතාව බොරුවක්‌ද?

මම දන්නෙත් නැහැනේ. මටනම් තවම කවුරුත් එහෙම කියලා නැහැ. ඔයගොල්ලන්ට කවුරු හරි එහෙම කියලා තියෙනවාද?.

දැන්ම ආදරය ගැන හිතන්නේ නැතිද?

හිතපු කාලයක්‌ තිබුණා. මේ දවස්‌වල තියෙන වැඩ එක්‌ක ඒවා ගැන හිතන්න වෙලාවක්‌ නැහැ. මම මූලිකත්වය දෙන්නේ මගේ වෘත්තියට. ඒකට මම ආදරය කරන හින්දා තව කෙනෙකුට ආදරය කරන්න වෙලාවක්‌ නැහැ.

(උපුටා ගැනීම දිවයින )