ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු දඟ පන්දු යවන්නෙකු වන ජෝන් ග්ලීසෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
78 වැනි වියේ පසුවූ ඔහු ඊයේ (08) ජීවිතක්ෂයට පත්වූ බව එරට මාධ්‍ය නිවේදනය පවසනවා.
ඕස්ට්‍රේලියාවේ ජැක් ඉවරසන්ට හා ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්ට පෙර ක්‍රිකට් ලෝකයේ මැජික් දඟ පන්දු යවන්නා ලෙස ජෝන් ප්‍රසිද්ධව සිටියා.
ඒ ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ විලාශය අනුවයි.