දහතුන් හැවිරිදි ඉන්දීය ගැහැණු දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා. ඇය මියයාමට හේතුව ලෙස මාධ්‍ය වාර්තා කරන්නේ දින 64ක කාලයක් නිරාහාරව සිටිමින් ජයින ආගමට අනුව “Chaturmas“ ආගමික උපවාසයක නිරත වීමය.
ආරාධනා සම්දාරියා නමැති දකුණුදිග හයිද්‍රාබාද් නගරයේ ජීවත් වී ඇති මෙම දැරියට මෙම උපවාසය සිදුකරන ලෙස ඇගේ දෙමවුපියන් විසින් යම් බලකිරීමක් සිදුකර ඇතිබවයි වාර්තා වන්නේ. නමුත් තමන් දියණියට කිසිදු ආකාරයේ බලකිරීමක් සිදුනොකළ බවත්, ලෝකයේ ඩවාත් පැරණි දහමක් වන ජෛන ආගම අදහන සිය දියණිය තමා විසින්ම උපවාසය සිදුකළ බවත් දෙමවුපියන් පොලීසියට පවසා තිබෙනවා.
ආරාධනා දැරිය පසුගිය දින 64ක කාලය තුලම ආහාරයක් ලෙස ගෙන ඇත්තේ උණුකර නිවාගත් ජලය පමණක් බවයි පොලිස් වාර්තා අනුව පැවසෙන්නේ. කෙසේ වෙතත්, ඇය මෙම උපවාසය අත්හැර දින දෙකකින් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියාව තුළ තවමත් සිදුවන ආහාර නොගෙන සිටීමේ ආගමික උපවාස සම්බන්ධයෙන් මෙම මරණයත් සමග දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙන විදෙස් මාධ්‍ය පවසනවා.
ඩේලි මේල් ඇසුරෙනි