Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ප්‍ර‍භූ පුතෙක් පහරදුන් බව කියන රාත්‍රී සමාජ ශාලාවේ කලමණාකරු කියන කතාව (VIDEO)

1591Views

 

 
 

 

 

 

ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” සමාජ ශාලාවේ පෙරේදා(08) අලුයම 2කට පමණ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අදාල සමාජ ශාලාවේ කළමනාකාරිත්වය විසින් එම සිදුවීම අලලා අසත්‍ය පුවත් වාර්තා කරමින් පටු දේශපාලන වාසි නොගන්නයි ඉල්ලීමක් කරමින් මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබෙනවා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ සිද්ධිය වූ දිනයේදී පිරිසක් පැමිණ සමාජ ශාලාවට ඇතුල් වීමට උත්සහ කළත් එම කාලය තුළ ඇතිවූ කාර්යබහුලතාවය මත ඔවුන්ව ඇතුල්කිරීමට ප්‍රමාද වූ නිසා එහිදී යම් සිදුවීමක් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුනද පසුව එම සිදුවීම් සියල්ල පසෙකලා ඔවුන් සියලුදෙනා සමාජ ශාලාව තුළට ඇතුළු වී යම් කාලයක් රැඳී සිට ඉන් පිටව ගිය බවය.

ඉන්පසුව පැමිණි පිරිසක් විසින් මෙම පහර දීම සිදුකර ඇති අතර අදාල ගැටුමෙන් සමාජ ශාලාවේ සේවය කරන පුද්ගලයන් තිදෙනෙක් ඉන් තුවාල ලබා ඇති බවත් සහ සමාජ ශාලාවේ ඉදිරිපස විශාල ප්‍රමාණයේ වීදුරු දෙකක් සහ පැති වීදුරුවකට අදාල පහර දීමෙන් හානි සිදුවී තිබෙන බවත්ය.

මෙම සිදුවීමට අදාලව ප්‍රභූ පුතෙක් සහභාගි වී ඇති බව සඳහන් කරමින් විවිධ මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී යන හෙයින් එම අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසටද ඔවුන් ඉල්ලීමක් කොට තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමට අදාල බව හඟවමින් වීඩියොවක් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබෙන අතර එය මෙම සිද්ධියට අදාල යැයි බව ප්‍රකාශ කරමින් විවිධ වෙබ් අඩවි කිහිපයක් විසින් සංවිධානාත්මක ලෙස අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනු ලබන බවත් එම වීඩියෝ පටයේ වම්පසින් දක්වා ඇති දින සටහන් අනුව ඉතා පැහැදිලිවම 2010 වසරේ සිදුවී තිබෙන සිදුවීමක් බව මැනවින් පැහැදිලිවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.