නෙත් FM රේඩියෝව සංවිධානය කරන අයස්කාන්තය (The Magnet) සංගීත සන්ධ්‍යාවේ දෙවන පියවර ජුලි මස 30 වන දා පස්වරු 7.00ට ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙහි පළමු පියවර පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී පවත්වනු ලැබූ අතර එහි ටිකට්පත් ප්‍රසංගයට දින 10කට පෙර විකිණී අවසන් වුණා.එය නෙළුම් පොකුණ රඟහලේ පැවති ප්‍රසංග අතර වාර්තාවක් ලෙසයි සැළකෙන්නේ.
වායෝ සංගීත කණ්ඩායමේ unplug සංගීතයට අමරසිරි පීරිස්,කීර්ති පැස්කුවෙල් සමග උමාරියා ජුලි මස 30 වන දා ගීත ගායනා කිරීමට නියමිතයි.
සමන් අතාවුදහෙට්ටි මහතා අයස්කාන්තය (The Magnet) සංගීත සන්ධ්‍යාව ඉදිරිපත් කරන අතර මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නෙත් FM හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ මහතායි.
අයස්කාන්තය (The Magnet) නැරඹීම සඳහා ටිකට් පත් www.ticketslk.com හා www.mytickets.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.
නොඑසේනම් අමතර වියදමකින් තොරව ඔබේ දුරකථනයෙන් පහත දුරකථන අංකවලට කතා කිරීමෙන්ද ටිකට් ලබා ගත හැකියි.
0727300400 / 0727600700