Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

“මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න”-අවසන් වදන එලෙස පවසමින් කරූගේ ආදර දියණිය අවසන් ගමන් යන දුක්බර කතාව

1740Views

 

 
 

 

 

 

කතානායක කරූ ජයසූරිය මහතාගේ දියණිය වන සංජීවනී ඉන්දිරා ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු ලබන 11 වනදා  සිදුවනවා.

ඒ ඇයගේ අන්තිම කැමැත්ත පරිදි මහා බ්‍රිතාන්‍යයේදී.

ඇය පසුගිය 02 වැනිදා පස්වරුවේ ලන්ඩනයේ රෝහලක් තුළදී තම ජීවිතයෙන් සමුගත්තේ පිළිකා රෝගී තත්ත්වයේ සිටියදීයි.

මියයාමට පෙර පිළිකා රෝගී තත්ත්වයේ සිටියදීම ඇය දරුවන් දෙදෙනෙකුට මවක් වුණු ආකාරය ගැන, දරුවෙකු වෙනුවෙන් තමන්ගේ ජිවිතයට ජීවත් වීම සඳහා ලැබී තිබූ අවසන් අවස්ථාවත් කැප කළ ආකාරය මෙන්ම ජිවිතයේ ඉතිරිව තිබූ කෙටි කාලය පවුල වෙනුවෙන්ම ගත කළ ආකාරය පුදුම සහගත බව විදෙස් මාධ්‍ය ද සඳහන් කර තිබුණා.

මේ පුවත බ්‍රිතාන්‍යයේ dailymail වෙබ්අඩවිය වාර්තා කර තිබුණේ ‘නිර්භීතභාවයේ සහ ආදරයේ කතාවක්’ ලෙසටයි.
ඇය තමන්ට පියයුරු පිළිකා තත්ත්වය වැළඳී ඇති බව දැනගන්නේ 2008 වසරේදීයි.

දිගින් දිගටම කළ ප‍්‍රතිකාරවලින් පියයුරු පිළිකා රෝගී තත්ත්වයෙන් සම්පූර්ණ සුවය ලබාගත් ඇය අයිවීඑෆ් ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් තම පළමු දරුවා බිහිකරනු ලැබුවා.

ඒ අනුව, ඇගේ පළමු දරුවා ලෙස දියණිය තිලිනි පවුලට එකතු වෙන්නේ 2012 වසරේදීයි.

ඉන් නොනැවතුණු ඇය යළිත් අයිවීඑෆ් ප‍්‍රතිකාර සිදුකර 2015 දී පුතෙක් බිහිකරන අතර ඔහුගේ දිලන් බවයි පැවසෙන්නේ.

තමන්ගේ දෙවන දරුවා බිහිකිරීමට බලාපොරොත්තුවෙන් සිටියදී තමන් යළිත් පිලිකා රෝගයට ගොදුරු වී ඇතිබව දැනගත්තත් උපදින්නට සිටින දරුවාගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිකාර පමා කරන්න ඉන්දිරා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

දරු උපත නියමිත කාලයට පෙර සිදුකර ප්‍රතිකාර සඳහා යොමු වීමට ඇයට හැකියාව තිබුනත්, මවු කුසේ සිටින අවසාන මාස කිහිපය දරුවාගේ ජිවිතයේ තීරණාත්මක කාලයක් නිසා ප්‍රතිකාර පමා කරන්නට ඇය ගත් තීරණය දරුවාට යහපතක් වුවත් එයින් වූයේ ජිවත් වීමට ඇයට තිබු අවස්තාව අහිමි වීමයි.

ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ අය මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඇගේ අවසන් කටයුතු ඇගේම ඉල්ලම පිට එංගලන්තයේ කෙන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම සිදු කිරීමට නියමිතයි.

‘මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරේ කරන කෙනෙක්ගෙන්’ යනුවෙන් ඇය තම සැමියා අමතා අවසන්වරට කළ ප්‍රකාශයෙන් ඉන්දිරා තම පවුලට හා සැමියාට දැක්වූ ආදරය කෙතරම් ආත්මාර්ථයෙන් තොරද යන්න පෙනෙන බවයි විදෙස් වෙබ් අඩවි පවසන්නේ.

326f32a200000578-3503145-image-a-54_1458586247105 326f32aa00000578-3503145-image-a-69_1458586384356 326f32bf00000578-3503145-image-a-68_1458586378527 326f326a00000578-3503145-image-m-79_1458587030460 326f326f00000578-3503145-image-m-73_1458586544964 326f323900000578-3503145-image-a-56_1458586285669  14914968_10202203388321744_1603187361_n 14937153_10202203388241742_1522125412_n 14956538_1178259922220819_948467523970639881_n