Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

අමරදේවයන් වෙනුවෙන් ‘බටහිර සංගීතඥයෙකු’ දුක්වුණු හැටි(VIDEO)

1620Views

 

 
 

 

 

 

විශාරද පණ්ඩිත් අමරදේව මහතා අප අතරින් සමුගත්තේ ලාංකික අපගේ නෙත් කඳුලින් තෙත් කරමින්.

ඔහුගේ වියෝව පිළිබඳව ලාංකික අප මෙන්ම පිටරට වල සිටින සංගීතඥයින් ද ‍ශෝකය පළකර තිබෙනවා.

ඒ අතර එංගලන්තයේ යෝක් හි සිටින Joska de Langen නම් සංගීතඥයා සිය ෆේස්බුක් සටහනක් මගින් පෙන්වා දෙන්නේ පණ්ඩිත් අමරදේවයන් කාගේත් ගෞරවයට ප්‍රාත්‍ර වන සංගීතඥයෙක් බවයි.

තවද ඔහුට පිදෙන ගෞරවයක් ලෙස අමරදේවයන් ගායනා කළ “ආදරයද මේ” ගීතය ඔහු මේ වන විට ගායනා කිරීමට පුරුදු වෙමින් සිටින බවද එම සටහනේ ඔහු දක්වා තිබෙනවා. එම ගීතය නුදුරේම අපට දැකගැනීමට හැකිවන බවද ඔහු සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Joska de Langen ශ්‍රී ලාංකික සංගීතයට බෙහෙවින් ලැදි සංගීතඥයෙක්. ඔහු ලාංකික අපට සමීපවන්නේ ඩබ්.ඩී අමරදේවයන්ගේ “සසර වසනතුරු” ගීතය සහ වික්ටර් රත්නායකයන්ගේ “අප හැඟුම් වලට” ගීතය අපූරුවට ගායනා කරමින්.

ශ්‍රී ලාංකිකයික් බොහෝදෙනෙකු ඔහුගේ එම දක්ෂතාවය අගය කර තිබීමද විශේෂත්වයක්.

එම ගීත පහතින් දැක්වේ.

14900325_1210862045654787_1186986354247404066_n