පියුමි හංසමාලි තමන් දරුවා සමග රෝහලේ සිටින නිසා දුරකථන කාඩ් පතක් එවන ලෙස ඉල්ලා කාන්තාවකට යැවූ ෆේස්බුක් පණිවිඩයක් පිළිබඳව මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.
එම පණිවිඩය ලැබුණු විට එම කාන්තාව දුරකථන කාඩ්පතක අංකයක් යවා ඇති අතර එය වරක් පාවිච්චි කරන ලද්දක් බවයි පැවසෙන්නේ.
ඉන් අනතුරුව පියුමි හංසමාලි නමින් ෆේස්බුක් සිටින අයට එම කාන්තාව පණිවිඩයක් යවා ඇත්තේ ඇත්තේ “ලැජ්ජා නැද්ද..මෙවැනි වැඩ කරන්න..”යනුවෙන් සටහන් කරමිනුයි.
පියුමි හංසමාලි නමින් රැඳී සිටින්නේ තමන් නොවන බව රංගන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.