ඉරාජ් පිළිබඳව මේ දිනවල යළිත් කතාබහට ලක්වන්න පටන් අරන්.
ඒ ගීත නිසා නොවෙයි.
ඔහු ඇතැමුන්ගේ සමාජ ජාල වෙබ් අඩවිවල ගිණුම් පිළිබඳව රිපෝර්ට් කරන බවට මතුව ඇති කතාබහ නිසායි.
පසුගිය දා ඔහු විසින් මුදාහල පිටිදූවේ සිරිධම්ම හිමියන් හා සිටි වීඩියෝව දැඩි විවේචනයට ලක් කල “A Bright Future For Sri Lanka” නම් වූ පේජය රිපෝට් කර වසා දමන්නට ඔහු කටයුතු කර ඇති බවට ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.
නමුත් එහි ඇඩ්මින්වරුන් පවසන්නේ සුළු කාලයකින් එය නැවත ලබා ගත් නමුත්, කිසිවක් පළ කිරීම ෆේස්බුක් අඩවිය විසින් තහනම් කර ඇති බවයි..
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලූවිට වාර්තා වුණේ ඉරාජ්ට හිමිකම් ඇති වීඩියෝවක් ෆේස්බුක් වෙත අවසරයකින් තොරව එක්කර ඇති නිසා එහි අයිතිය පිළිබඳව සලකා ෆේස්බුක් ආයතනය මෙම තීරණය ගෙන ඇති බවයි.
තමන්ට හිමිකමක් නොමැති වීඩියෝවක් තමන්ගේ පේජයකින් දැමුවහොත් මෙම තත්ත්වය උද්ගත වන බවයි පැවසෙන්නේ.