ලොව පුරාම පාපන්දු උන්මාදයක් පැතිරවීමට සමත් වූ 2018 පාපන්දු ලෝක කුසලානය නිමා වූයේ ප්‍රංශයට ලෝක කුසලානය හිමිකර දෙමිනි. කෙසේ වෙතත් ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් ප්‍රංශ ජාතික ක්‍රීඩකයන් නොව වෙනත් රටවල සම්භවයක් සහිත ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.
ලෝක ශූර ප්‍රංශ සංචිතයේ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සැබෑම සම්භවය පිළිබදව නෙත් ගොසිප් අප සොයා බැලුවා.
පෝල් පොග්බා
මැදපෙල ක්‍රීඩක පෝල් පොග්බා අප්‍රිකානු රටක් වන ගිනී සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි.
අවසන් මහා තරගයේදීද ගෝලයක් රැස් කළ පොග්බා ප්‍රංශයට ක්‍රීඩා කළද ඔහුගේ සොහොයුරා ගිනී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයි. පෝල් පොග්බා "පාවාදෙන්නෙක්" ලෙසට ගිනී මාධ්‍ය හඳුන්වයි.
ඇන්ටොන් ග්‍රීස්මාන්
ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකි. ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරකයා වන ග්‍රීස්මාන් ප්‍රංශය වෙනුවෙන් දඬුවම් පහර ලබා ගන්නා ක්‍රීඩකයාය. උරුගුවේ සම්භවයක් සහිත ග්‍රීස්මාන් පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරන්නේද උරුගුවේ ජාතිකයන් සමගය. ප්‍රංශය හමුවේ ලැබූ පරාජයෙන් පසු උරුගුවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ග්‍රීස්මාන් විවේචනය කිරීමද කැපී පෙනුනි.
කිලියන් එම්බැපේ
අවසන් 16 දෙනාගේ වටයේදී ආර්ජන්ටිනාව පරදා ප්‍රංශය ජය ගන්නේ යොවුන් එම්බැපේගේ දක්ෂතා නිසාය. මෙවර ලෝක කුසලානයේ හොඳම යොවුන් ක්‍රීඩකයා සම්මානය දිනු 19 හැවිරිදි එම්බැපේ කැමරන් සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ය.
න්'ගොලො කන්තේ
මෙවර ලෝක කුසලානයේ ආරක්ෂාකාරී මැද පෙල ක්‍රීඩකයෙක් ලෙස ප්‍රංශයට ඉහළ සේවයක් සිදු කළ කන්තේ මාලි සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ය.
සැමුවෙල් උමිටිටී
පසුපස ආරක්ෂකයෙකු ලෙස ප්‍රංශයට ඉහමත් සේවයක් කළ උමිටිටී කැමරන් සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ය. අවසන් පූර්ව තරගයේ ප්‍රංශය ගෝල 1-0ක් ලෙස ප්‍රබල බෙල්ජියම පරාජය කළ අතර වාර්තා වූ එකම ගෝලය රැස් කළේ උමිටිටී ය.
උස්මාන් ඩෙම්බෙලේ
ප්‍රංශය සතු තවත් යොවුන් බලාපොරොත්තුවක් වන ඩෙම්බෙලේ සෙනීගල් සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ය.
කොරෙන්ටින් ටොලිසෝ
උපතින් ටෝගෝ ජාතිකයෙකි. ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායමට ඉමහත් සේවයක් කළ ක්‍රීඩකයෙකි.
බ්ලේස් මැටුයිඩි
ප්‍රංශ කණ්ඩායමේ තවත් සුපිරි ක්‍රීඩකයෙකි. ඇන්ගෝලා සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි.
ආදිල් රමී
ග්‍රීස්මාන් මෙන්ම උරුගුවේ සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි.
ස්ටීවන් න්'සොන්සි
ප්‍රංශය සතු තවත් සුපිරි ආරක්ෂක මැදපෙල ක්‍රීඩකයෙකි. සොන්සි කොන්ගෝ සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි.
ප්‍රෙස්නෙල් කිම්පෙබේ
ප්‍රංශ කණ්ඩායමේ තවත් වටිනා ක්‍රීඩකයෙක් වන කිම්පෙබේ කොන්ගෝ සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි.
මෙලෙසින් කලු ජාතික සහ විදෙස් සම්භවයක් සහිත ක්‍රීඩකයන් එක්ව ප්‍රංශයට ලෝක කුසලානයක් ජයග්‍රහනය කර දීම තුල මින් පෙර ප්‍රංශ ජනතාව තුල සංක්‍රමණිකයන් කෙරෙහි තිබූ අකමැත්ත පහව යනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. මින් පෙර ප්‍රංශ ජාතිකයන් සංක්‍රමණික සහ කලු ජාතික ජනතාව දැඩි පීඩන එල්ල කළ අතර සංක්‍රමණික සම්භවයක් සහිත කලු ජාතික ක්‍රීඩකයන් පිරිසක් විසින්ම ප්‍රංශයට ලෝක කුසලානය දිනා දීම දෛවෝපගත සිදුවිමකි.