Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

"ශ්‍රී ලංකාව අස්ථාවර කරන්න විදෙස් තානාපති කාර්යාල කරපු වැඩක්" ජවිපෙ ගෙන ආ භයානක 20ට එරෙහිව ගෝඨා සටනට! (VIDEO)

16092Views

 

 
 

 

 

 

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන බව අප මින්පෙර වාර්තා කළා. සංඝ රත්නය, රණවිරුවන්, සමාජ ක්‍රියාකාරිකයන් ඇතුලු බොහෝ පිරිසක් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පතට දැඩි විරෝධය එල්ල කර සිටිනවා.

මෙම සංශෝධනය සම්මත වුවහොත් බුද්ධාගමට ව්‍යවස්තාවෙන් ඇති ප්‍රමුඛත්වය අහෝසී වී යන බවට සංස රත්නය චෝදනා එල්ල කරමින් සිටිනවා. මේ අතර මෙම ව්‍යවස්තාවෙන් ජනපතිවරයාගේ බලතල අඩුකොට එම බලතල අගමැතිවරයාට පැව‍රෙන බවටත් චෝදනාවක් එල්ලව තිබෙනවා. එලෙස වුවහොත් බෙදුම්වාදීන්ගේ අරමුණු පහසුවෙන් ලඟා කර ගත හැකි බවටත් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් චෝදනා එල්ලව තිබුනා.

මේ අතර මෙම ව්‍යවස්තා සංශෝධනය සම්මත වුවහොත් ජනපති තෝරාපත් කර ගැනීමේ බලය මහජනතාවට අහිමි වන බවත් කියවෙනවා. ඡන්දයකින් ජනපති තෝරා නොගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයකින් ජනපතිවරයා තෝරා ගැනීමට මෙම ව්‍යවස්තා සංශෝධනයෙන් යෝජනා කර ඇති බවත් කියවෙනවා. එලෙස වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත්, මෙම සියලූම යෝජනා ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇත්තේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට බලා සිටිනා විදෙස් තානාපති කාර්යාල විසින් බවට දැඩි චෝදනාවක්ද මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු වියතුන් විසින් එල්ල කර තිබෙනවා.

මේ අතර 20වන ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත පිළිබදව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වනවා. පසුගියදා රත්නපුර ප්‍රදේශයේ පැවැති එළිය සම්මන්ත්‍රණයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ මෙම ව්‍යවස්තා සංශෝධනය භයානක බැවින් එය පරාජය කළ යුතු බවයි. එය පරාජය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය යුතු බවත් ගෝඨා පැහැදිලි කරනවා.

එහිදි අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ "විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය ගැන කතා කළා, ඉතාමත්ම භයානක දෙයක්. මම හිතන්නේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. එය පාර්ලිමේන්තුව තුල සම්මත වීමට ඉඩ නොදිය යුතුයි." යනුවෙනි.

එම වීඩියෝව පහතින්,