ජනවාරි 20 සිට ජනවාර් 26 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.
මේෂ
සම පලයි
ලග්නාධිපති කුජ 12 සිටී. ශනි නවයේ ද, ගුරු අටේ ද රාහු 4, කේතු 10 ගමන් කරයි. ස්ථානගත වෙනස්කම්, ගෙදරින් පිට වීම, කාර්යාලීය වෙනස්කම් ඇති කළ හැකිය. සතුරු කරදර බාධා ඉස්මතු වීම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. තමා කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් දුරට කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත්ය. කිසියම් දියුණුවක් ගෙන දේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. අනතුරු පීඩා, උෂ්ණ රෝග, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය-- 09, දිනය- අඟහරුවාදා
වෘෂභ
බාධා සහිතයි
ලග්නාධිපති සිකුරු හත්වැන්නේය. සෙනසුරු අටේ ද, ගුරු හයේ ද, රාහු 3, කේතු 9 ගමන් ගනී. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී යම් යම් බාධා අවහිරතා ප්‍රමාදතා සහිතයි. එම නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් අනපේක්ෂිත වියදම් ඉහළ යයි. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. සමඟියට සාමයට තදබල බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. ඉගෙනීම් කටයුතුවල දී අතපසුවීම්වලට ඉඩ පවතින නිසා ඉතා උනන්දුවෙන් ද කැපවීමෙන් ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ පමණක් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩාවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
ප්‍රමාදතා ඇතිවේ
ලග්නාධිපති බුධ අටේ ද, රාහු 2, කේතු 8, ශනි 7 ගෝචරය වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී තමාගේ කටයුතුවලට ප්‍රමාදතා ඇති කරයි. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබීම තරමක් අසීරුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් රාහු දෙවැන්නේ ගමන් කිරීම තුළ වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද විශේෂයෙන්ම චචන පාවිච්චියේ දී ප්‍රවේසම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. වෛරස් රෝග, උෂ්ණාධික රෝග, බෝවන රෝගවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
ක්‍රමයෙන් යහපත්ය
යෝගකාරක කුජ 9 වැන්නේ ද නවවැන්නාධිපති ගුරු 5 වැන්නේ ද රාහු ලග්නයේ, කේතු 7 ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. මලබද්ධය, අර්ශස්, බඩවැල් ආශ්‍රිත පීඩා ඇති කළ හැකිය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී තරමක් බාධා ප්‍රමාදතාවන්ට මුහුණ පෑමට සිදු වේ. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම යහපත් වුවත් වියදම් පක්ෂය පාලනය කරගැනීම තරමක් අසීරු විය හැකිය. ගෙදරදොර කටයුතු කරගෙන යෑමේ දී ධනයත්, ශ්‍රමයත් වැය වේ. ඉගෙනීම් කටයුතුවල යෙදෙන අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
බාධා මැද දියුණුව
ලග්නාධිපති රවි හයවැන්නේය. ගුරු 4 ද, රාහු 12, කේතු 6, ශනි 5 ගමන් කරයි. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතුවල දී විටින් විට බාධා අවහිරතා එල්ල වේ. විටෙකක ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී විමසිලිමත් වන්න. ආර්ථික වශයෙන් සුළු වශයෙන් හෝ ප්‍රගතියක් ඇති වේ. එහෙත් වචන පාවිච්චියේ දී ප්‍රවේසම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය වේ. අධ්‍යාපන කටයුතුවල දී යම් යම් ප්‍රමාදතාවලට මැදිහත් විය හැකි නිසා උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි. බෝවන රෝග, විෂබීජ ඇතුළුවීම්වලට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
ප්‍රමාදතා
ලග්නාධිපති බුධ 4 සිටි. ශනි සමගයි. ගුරු 3 ද, රාහු 11 ද, කේතු 5 ගමන් කරයි. මෙම පිහිටීම් තුළ තමාට නොගැළපෙන අය සමඟ ආශ්‍රය කිරිමට යෑමෙන් වළකින්න. ඔවුන් සමඟ ආරවුල්, නොහොඳකම් ඇති කළ හැකි බැවිනි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ආදායම් ලැබුණ ද වියදම් ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතුවල දී යම් යම් ආකූලතා වර්ධනය වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය අවශ්‍යයි. අධ්‍යාපන අංශයේ දී උනන්දුව සහ කැපවීම අවශ්‍යයි. විටෙක උනන්දුව කැපවීම හීන වේ. සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි. තරමක් සංකීර්ණ රෝගාදියට ඉඩ මතු කළ හැකි බැවිනි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
මිශ්‍රපල
ලග්නාධිපති සිකුරු දෙවැන්නේය. ගුරු සමගයි. ශනි 3, කේතු 4, රාහු 10 ගමන් ගනි. මෙම කාල සීමාව තුළ මිශ්‍රපලදායක තත්ත්වයක් උදා වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී එතරම්ම බාධා අවහිරතා ඇති නොවේ. එහෙත් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීම තුළ ආදායම් ලබාගනී. ගෙදරදොර කටයුතුවල දී සමඟිය සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
වියදම් අධිකයි
ලග්නාධිපති අඟහරු 5 වැන්නේය. ශනි 2 ද, කේතු 3, රාහු 9 සිටී. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අවිවේකී ස්වභාවය අධිකයි. ශරීරයට තෙහෙට්ටු ගති ඇති වේ. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතුවල දී තරමක් විමසිලිමත්ව, බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා
ධනු
සමපලයි
ලග්නාධිපති 12 ද, ශනි ලග්නයේ ද කේතු 2 ද රාහු 8 ගෝචරය වේ. මෙම ග්‍රහ චලිතයන් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලු ඉස්මතු කළ හැකි නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී තරමක් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද කටයුතු කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. ආගමික අංශවලට ගුප්ත විද්‍යා ක්ෂේත්‍රවලට කරන වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. විටෙක සමඟියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය අවශ්‍යයි. වැටීම්, තැළීම්, තුවාල, හිතුවක්කාරී මුරණ්ඩු ගති මතු කළ හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය-- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ශුභදායකයි
ලග්නාධිපති ශනි 12 ද, ගුරු 11 ද කේතු ලග්නයේ ද රාහු 7 ගමන් ගනි. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී සුළු බාධා අවහිරතා එල්ල වුවත් සිය උත්සාහය සහ කැප වීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැකිය. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. උණ ලවණ ගති, බෝවන රෝග, රුධිර පීඩනය, උදරගත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සිකුරාදා
කුම්භ
ආදායම් වර්ධනයක්
ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ද, ගුර 10 ද කේතු 12, රාහු 6 ගමන්ගනී. තමාගේ කටයුතුවලට සතුරු කරදර බාධා එල්ල වුව ද ඒවා මැඬපවත්වාගෙන තමාගේ රාජකාරි කටයුතු සාර්ථක කරගත හැකිය. වෘත්තීය සහ රැකියා කටයුතුවලට ශුභයි. ආර්ථික වශයෙන් ද යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් වාසි සහගත තත්ත්වයක් ගෙන දේ. ගෙදරදොර කටයුතුවල දී වෙහෙස මහන්සි වී කටයුතුවල නියුක්ත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වැටීම්, තැළීම් තුවාල, අනතුරු යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
මීන
දරුවන් වෙනුවෙන් වෙහෙසේ
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ද එහි අධිපති කුජ ලග්නයේ ද ශනි දහයේ ද ගමන් කරයි. මෙම ග්‍රහ චලිතයන් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු බාධා ඇතත් ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ද උදා කරගනි. ආර්ථික වශයෙන් ශුභදායකයි. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලබාගනී. විවිධ අංශ තුළ ලාභ ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උසස් ඉගෙනීමකට මාර්ගය සලසා ගත හැකිය. පපුව, පෙණහැල්ල ආශ්‍රිත පීඩා, පාද ආශ්‍රිත ආබාධ, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා