Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

6724Views

 

 
 

 

 

 

ජනවාරි 27 සිට පෙබරවාරි 02 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ 
ක්‍රියාශීලිවේ

ලග්නාධිපති කුජ 12 ද රවි දහයේ දිග්බලයෙන්ද සිටී. මෙම පිහිටීම් තුළ සමාජයෙහි උසස් තැනක් ලැබේ. සිත් ප්‍රීතියට කරුණු ඇතිවේ. වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේදී ශුභයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් ද පෙන්වයි. ගෙදර දොර කටයුතු වලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ලේ දුෂණය, උෂ්ණාධික රෝග,වෛරස් රෝග බෝවන රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - රතු ශුභ අංකය -09 ශුභ දිනය -ඉරිදා

වෘෂභ
බාධා සහිතයි

ලග්නාධිපති සිකුරු ගුරු සමඟ හත් වැන්නේ සිටී. චන්ද්‍ර 6 ද ශනි 8 ගෝචර වේ. යම් යම් බාධා අවහිර තා ඇතත් කරගෙන යන කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. රජයේ කටයුතු කරන අයට සුභ දායක වේ. මිල මුදල් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය,සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ඉගෙනීම් කටයුතුවල නියුතු අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත. උෂ්ණාධික රෝග ලේ දුෂ්‍ය බලපායි.

ශුභ වර්ණය -නිල් ශුභ අංකය -06 ශුභ දිනය - සිකුරාදා

මිථුන
මිශ්‍ර පල

ලග්නාධිපති බුද,රවි,කේතු අට වැන්නේය ගුරු සිකුරු හය වැන්නේය. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේදී යම් යම් බාධා අවහිරතා ගැටලු ඉස්මතු වනු ඇත. එම නිසා හැම විටම ඉවසීමෙන්ද බුද්ධිමත්වද කටයුතු කළ යුතුය. නොඑසේනම් අකූලතා ඇතිකළ හැකි බැවින් තවදුරටත් රාහූ දෙවැන්නේ සිටීම තුළ ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් ඉතිරිකර ගැනීම අපහසුය. ගෙදරදොර කටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේදී වචන පාවිච්චියේදී ප්‍රවේශම් විය යුතුය දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. ඉගෙනීමේ යෙදී සිටින අයට සුබයි. දියුණුවක් ලබයි. වෛරස් රෝග බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය -කොළ ශුභ අංකය -05 ශුභ දිනය -බදාදා

කටක
දියුණුව

ලග්නාධිපති 04 ගුරු සිකුරු 05 රවි බුද කේතු 07 ද රාහු ලග්නයේ ද ගමන් කරයි. වැඩ කටයුතු කිහිපයක් ඉෂ්ට සිද්ධ වේ.නැවතී තිබුණු කටයුතු කිහිපයක් නැවත පටන් ගැනේ. වෘත්තීය වශයෙන් ක්‍රමික දියුණුවක් ලබා ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත් ය. එසේ වුවත් මිල මුදල් වියදම් අධික වේ. මුදල් ඉතිරිකර ගැනීම තරමක් අසීරු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය - ධනය- ශ්‍රමය වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. බෝවන රෝග, ලේ දූෂණය වීම බඩවැල් ආශ්‍රීත රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - ක්‍රීම් පාට ශුභ අංකය - 02 ශුභ දිනය - සඳුදා

සිංහ
සමඵලයි

ලග්නාධිපති රවි බුධ කේතු 6 ද, ගුරු සිකුරු 4 ද ගමන් කරයි. මෙම ග්‍රහ චලිතයේ සැලකීමේදී මේ කාල සීමාව තුළ ශුභ ගුණ පෙන්වයි.රැකීරක්ෂා කටයුතු වලිදී යම් බාධා සතුරු කරදර අවහිරතා ඉස්මතු කළ හැක. මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී ද තරමක් කල්පනාකාරී වන්න දරුවන්ගේ කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතුය. ඉගෙනීම් කරන අයට බාධා අවහිරතා එල්ල විය හැක. උනන්දු විය හැක. ලේ දුෂණය , උෂ්ණාධික රෝග, වෛරස් රෝග වලින් ද ප්‍රවේශම් වන්න.

ශූභ වර්ණය රතු ශූභ අංකය- 01 ශූභ දිනය - ඉරිදා

කන්‍යා
බාධා සහිතයි

ලග්නාධිපති බුධ පුර්ව ප්‍රතිස්ථානයේය. රවි කේතු සමඟයි. කුජ හයේ වේ. රාහු 11 ය . ශනි 4 යි. මෙම ග්‍රහ ගෝචර‍යේ සැලකීමේදී මෙසේ කටයුතු කරන්න. තරමක් යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. තමා යටතේ සිටින අයගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට සහයෝගය නොලැබේ. එම නිසා කල්පනා කාරීවද බුද්ධියෙන් ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලැබේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනිම් වල යෙදී සිටින අයට ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන අවධානය යොමු විය යුතුයි. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ පවතී.

ශුභ වර්ණය- කොළ ශුභ අංකය - 05 ශුභ දිනය බදාදා

තුලා
ශුභයි

ලග්නාධිපති සිකුරු ගුරු දෙවැන්නේ ද ශනි 3 ද කේතු 04 ද රාහු 10 සිටී. මෙම ග්‍රහ ගෝචර සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සම්බන්ධ කිසියම් මට්ටමකට හෝ දියුණුවක් අභිවෘද්ධියක් ලබයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු කෙරෙහි මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ වාසි ලැබේ. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු සාර්ථකවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට අවශ්‍ය විෂයන් ඉගෙනිමට අවස්ථාව සැලසේ. උෂ්ණාධික රෝග ලේ දුෂ්‍යවීම බලපායි.

ශුභ වර්ණය- නිල් ශුභ අංකය - 06 ශුභ දිනය සිකුරාදා

වෘශ්චික
ක්‍රමයෙන් ශුභයි

ලග්නාධිපති කුජ පස් වැන්නේය. 5අධිපති ගුරු ලග්නයේය. සිකුරු සමඟයි. සෙනසුරු දෙවැන්නේ ගමන් කරයි. කේතු 3 රාහු 09 යේද ගමන් ගනී. මෙම පිහිටීම් තුළ සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක කරගත හැක. මිල මුදල් ලැබීම අතින් පොහොසත්ය. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේදී තරමක් ඉවසීමෙන්ද අධිෂ්ඨානයෙන්ද ක්‍රියා කළ යුතුයි. ඉගනීම් කරන අයට පවතින උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යවීම , උදරාබාධ පීඩාදියෙන් ප්‍රවේශම් ‍වන්න.

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 09 ශුභ දිනය බ්‍රහස්පතින්දා

ධනු
බාධා සහිතයි

ලග්නාධිපති ගුරු දොළහේය. කුජ 4 ද කේතු 02, රාහු 08 ද, ගමන් ගනී. සෙනසුරු ලග්න ගතයි. මෙම ග්‍රහ ගෝචරයන් තුළ සැලකීමේදී යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද එක්තරා ප්‍රමාණයකට කටයුතු සාර්ථක කර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු ද සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික ලාභ ගෙනදේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ආගමික අංශවලට වැඩි නැඹුරුවක් වී ඒ සම්බන්ධ වියදම් අධික වේ. ගෙදර දොර කටයුතුවලදී තරමක් බාධා මතු කරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන කල්පනාකාරී විය යුතුයි. ඉගෙනීම් වලදී විටෙක තරමක පසු බැසීම් පෙන්වයි.

ශුභ වර්ණය - රන්වන් ශුභ - අංකය 03 ශුභ දිනය - බ්‍රහස්පතින්දා

මකර
යහපත්වේ

ලග්නාධිපති ශනි 12 සිටී. ගුරු අයස්ථානයේය. රාහු 7 ද කේතු ලග්නයේද ගෝචර වේ. එම ග්‍රහ පිහිටීම් තුළ ප්‍රමාදතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උද්ගතවේ. ගෙදර දොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඔවුන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. බඩවැල් ආශ්‍රිත පීඩා මලබද්ධය, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දිනය - සිකුරාදා

කුම්භ
ශුභයි

සෙනසුරු ලග්නාධිපති අයස්ථානයේය. කේතු 12 රාහු 6 සිටී. ගුරු දහයේය. මෙම පිහිටීම තුළ යහපත් වාතාවරණයක් දුෂ්කරතා නැත. වෘත්තීය සහ රැකියා කටයුතු යහපත් වේ. දියුණුවක් ලබයි. ආර්ථික සහ මුදල්මය වශයෙන් යහපත්ය. විවිධ අංශ තුළ ආදායම් ලබයි. ගෙදර දොර කටයුතු යහපත් වුවත් වැඩ කටයුතු අධිකවීම නිසා ශරීරයට වෙහෙස මහන්සිය ඇතිවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීම්වල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යවීම, උදරාශ්‍රිත පීඩාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 08 ශුභ දිනය - සිකුරාදා

මීන
දියුණුවක්

ලග්නාධිපති ගුරු භාග්‍ය ස්ථානයේද, භාග්‍ය ස්ථානාධිපති කුජ ලග්නයේය. සෙනසුරු දහයේය. මෙම පිහිටීම තුළ වෘත්තීය හා රැකී රක්ෂා කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. යම් යම් බාධා අවහිරතාවයන්ට ඉඩ නැත්තේ ද නොවේ. ඒවා මැඬ පවත්වාගෙන ක්‍රියා කළ හැක. ආර්ථික සහ මුල්‍යමය වශයෙන් යහපත්ය. ලාභ ලැබේ. ගෙදර ‍දොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලය, ධනය, ශ්‍රමය වැයවේ. ඉගෙනීමේ යෙදී සිටින අයට උසස් ඉගෙනීමකට මාර්ගය සැලසේ. උණ, සර්වාංග රෝග, වෛරස් රෝගාදියෙන් ද ප්‍රවේශම් විය යුතුය.

ශුභ වර්ණය - රන්වන් ශුභ අංකය - 03 ශුභ දිනය - සිකුරාදා