පෙබරවාරි 03 සිට පෙබරවාරි 09 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.
මේෂ
බාධා මැද සතුට
ලග්නාධිපති කුජ 12 ද රවි සඳු බුධ කේතු 10 ද රාහු 4 ගුරු 8 ද ගෝචර වේ. මෙම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවද ස්වකීය කැපවීම තුළ කිසියම් සාර්ථක බවක් උදා කරයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේශම් වන්න. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අලුත් විෂයන් සම්බන්ධ පර්යේෂණ කටයුතු වල නියුත්ත වේ. සෙම් පීඩා, වියළි ගති, උෂ්ණාධික වාතා බාධා යනාදියෙන් ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය : රතු ශුභ අංකය: 09
ශුභ දිනය:බ්‍රහස්පතින්දා
වෘෂභ
බාධා සහිතයි
ලග්නාධිපති සිකුරු - ශනි අටේද, ගුරු 7 ද, රවි සඳු බුධ නවයේද, රාහු 3 ගමන් ගනී. බාධා ගැටලු සහිතයි. ආරවුල්වලට ඉඩ පවතින නිසා තරමක් ප්‍රවේශම් වන්න.ස්වකීය උත්සාහය තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල උදා කරගනු ඇත. ආර්ථික වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබයි. එහෙත් වියදම් පක්ෂය ඉහළයයි. ගෙදර දොර කටයුතු කරගෙන යාමේදී සැලකිලිමත් වන්න. විටෙක සමගිය සාමයට බාධා ගෙනදිය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට අලුත් විෂයන් කෙරෙහි අවධානය යොමු වනු ඇත. උෂ්ණාධික රෝග, වෛරස් රෝග, බෝවන රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය : නිල් ශුභ අංකය:06 ශුභ දිනය : සිකුරාදා
මිථුන
මිශ්‍ර පලයි
ලග්නාධිපති බුධ අට වැන්නේ රවි සඳු සමඟ සිටී. රාහු 02, කේතු 8 ද, ශනි 7 ද ගුරු 6 ගෝචරය වේ. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තම කටයුතු කර ගෙනයාමේදී එතරම් සරලව, ලෙහෙසියෙන් පහසුවෙන් කරගෙන යාම අසීරුවේ. තම කටයුතු වලට බාධා අවහිරතා බලපායි. ආදායම් ලැබුණද මුදල් ඉතිරි කර ගැනීම සීරුවේ. වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේදී තරමක් ඉවසිලිමත්ව ද , බුද්ධිමත්ව ද , ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, වෛරස් රෝග, ලේ දුෂ්‍ය වීමද බලපායි.
ශුභ වර්ණය : කොළ ශුභ අංකය :05 ශුභ දිනය : බදාදා
කටක
ශුභයි
යෝග කාරක කුජ 09 නවය අධිපති ගුරු 5 ද, ශනි 6 රාහු ලග්නයේද කේතු 7 ගමන් ගනී. මෙම ග්‍රහ පිහිටීම් අනුව එතරම්ම අයහපත් නොවේ. කෙටි ගමන් බිමන් බහුලයි. වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක අන්‍යයන්ගේ සහයෝගය ආධාර උපකාර ලබයි. මිල මුදල් ලැබීම යහපත් වන නමුත් වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදර දොර කටයුතු, යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. ඉගෙනීමේ යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලබයි. බඩවැල් ආශ්‍රීත රෝග, ලේ දුෂ්‍යබාධා බලපායි. වැටීම් තැලීම් තුවාලවලට ඉඩ පවතී.
ශුභ වර්ණය: ක්‍රීම් පාට ශුභ අංකය : 02 ශුභ : සඳුදා
සිංහ
සම පලයි
ලග්නාධිපති රවි බුධ හයේද, කුජ 8 ද, ගුරු 4ද ශනි 5 ගමන් ගනී. මෙම කාල සීමාව තුළ ගුණාගුණ මිශ්‍රපල දායකයි. වෘත්තීය සහ ස්වකීය කටයුතු වලදී බාධා අවහිරතා ඉස්මතු වේ. ප්‍රමාද වීම්, ගැටලු ඇති කරයි. ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. ගෙදර දොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී තරමක් ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඉගෙනීම් කරන අයට බාධා ඉස්මතු කළ හැක. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය: රතු ශුභ අංකය:01 ශුභ දිනය : ඉරිදා
කන්‍යා
බාධා සහිතයි
ලග්නාධිපති බුධ රවි කේතු 5 වැන්නේද ශනි 4 ගුරු 3 ගෝචරය වේ. මෙම ග්‍රහ චලිතයන් අනුව මෙම කාල සීමාව එතරම්ම ශුභ දායක නැත. තමාගේ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතාවයන් ඉස්මතු කරයි. එම අය බුද්ධිමත්වද විමසිලිමත්වද ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාට නොගැළපෙන අය සමඟ ආශ්‍රය කිරීමෙන් වළකින්න . මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ වාසි ලබයි. ඉගෙනීමේ යෙදී සිටින අයට පර්යේෂණ කටයුතු වලට යහපත්ය.
ශුභ වර්ණය : කොළ ශුභ අංකය : 05 ශුභ දිනය : බදාදා
තුලා
මිශ්‍රපලයි
ලග්නාධිපති සිකුරු - ශනි 03ය. ගුරු 2 ද, කුජ 6 ද රාහු 10 කේතු 4 ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ කටයුතු කර ගෙන යාමේදී බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. නමුත් තමා බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළඳ ව්‍යාපාර වල යෙදී සිටින අයට වාසි ගෙනදේ . සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතවල වර්ධනයක්ද වේ. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට බාධා ඇතත් උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තම ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය: නිල් ශුභ අංකය: 06 ශුභ දිනය: සිකුරාදා
වෘශ්චික
වාසි ලබයි
ලග්නාධිපති කුජ 5 වැන්නේද, 5 අධිපති ගුරු ලග්නයේද ශනි දෙවැන්නේද ගමන් ගනී. මෙම ග්‍රහ චලිතයන් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථකවේ. මිල මුදල් ලැබීම අතින්ද ශුභයි. වෙළඳ අංශවල නියුත්ත අයට යහපත්ය. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේශම් වන්න. විටෙක සමගියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ.අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍ර, ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රවල ඉගෙනීම් ලබන අයට ශුභයි.
ශුභ වර්ණය: රතු ශුභ අංකය: 09
ශුභ දිනය: බ්‍රහස්පතින්දා
ධනු
සමපල
සෙනසුරු ලග්නයේද, ලග්නාධිපති ගුරු 12 ද කේතු 2 රාහු 8 ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු වන නිසා තරමක් ඉවසිලිමත්වද බුද්ධියෙන්ද ක්‍රියා කළ යුත්තේය. නොඑසේ නම් බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. ගෙදර දොර කටයුතුවලදී තරමක් ඉවසිලිමත් වන්න. සමගියට සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකීමෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදි සිටින අයට ශුභයි. ජලයෙන් ප්‍රවේශම් වන්න. වැටීම් තැලීම් තුවාල අනතුරු පීඩාදියට ඉඩ පවතී.
ශුභ වර්ණය:රන්වන් ශුභ අංකය:05 ශුභ දිනය:බ්‍රහස්පතින්දා
මකර
යහපත්ය
ලග්නාධිපති ශනි 12 ද, ගුරු11 ද, කේතු ලග්නයෙද රාහු 07 ද ගමන් ගනී. මේ ග්‍රහ චලිතයන් තුළ මෙම කාල සීමාව තුළ යහපත් වේ. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු ශුභදායක වේ. අන්‍යයන්ගේ සහාය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. වාසි දායක තත්ත්වයක් උදා කරයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතු වල යෙදී සිටින අයට ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න. බඩවැල් ආශ්‍රීත පීඩා පවතී.
ශුභ වර්ණය : නිල් ශුභ අංකය: 06 ශුභ දිනය: සෙනසුරාදා
කුම්භ
ශුභයි
ලග්නාධිපති ශනි අයස්ථානයේද ගුරු 10 ද, රාහු 6 කේතු 12 සිටී. මෙම ග්‍රහ ගෝචරයේ සැලකීමේදී ශුභදායකයි. තමාගේ බලාපොරොත්තු කිහිපයක් ඉටු කර ගනී. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ලෙහෙසියෙන්ද පහසුවෙන්ද ඉටු කර ගනී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. ආදායම් ලැබුණද වියදම් අධිකයි. ගෙදර දොර කටයුතු වලදී තරමක් කල්පනාකාරී වන්න. වැඩ කටයුතු බහුලයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධව වෙහෙස මහන්සී වී ක්‍රියා කිරීමට සිදුවේ. උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යාබාධවලට ඉඩ පවතී.
ශුභ වර්ණය: නිල් ශුභ අංකය : 08
ශුභ දිනය : සෙනසුරාදා
මීන
යහපත්ය
ලග්නාධිපති ගුරු 09 ද, යෝග කාරක කුජ ලග්නයේද, ශනි 10 ද ගමන් ගනී. මෙම කාල සීමාව තුළ සුළු සුළු බාධා අවහිරතාවයන් ඉස්මතු වූවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදාකර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ වාසි ලබයි. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය. ශ්‍රමය, ධනය වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න.
ශුභ වර්ණය : රන්වන් ශුභ අංකය : 03
ශුභ දිනය: බ්‍රහස්පතින්දා