පෙබරවාරි 24 සිට මාර්තු 03 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.
මේෂ
අනුන්ගේ වැඩට උදවු වේ
ලග්නාධිපති කුජ ලග්නයේ රුචක යෝගය උදා කර ඇත. රවි, බුධ 11 ද, ගුැරු 8 ද, රාහු 4, කේතු 10 ද සෙනසුරු 9 ද ගමන් ගනී. වෘත්තීය සහ රැකියා කටයුතුවල අතපසුවීම් ඇති කළ හැකිය. මිල මුදල් ලැබීම්වලට ශුභයි. විටෙක අන්‍යයන්ගේ වැඩට උදව් වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දසී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්න. ඉගෙනීම් කටයුතුවල දී අතපසුවීම්වලට ඉඩ පවතින නිසා ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. ශරීර ශක්තිය හීනවීම, වෛරස් රෝගයන්ට ඉඩ පවතී. තරමක් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
බාධා සහිතයි
ලග්නාධිපති සිකුරු භාග්‍ය ස්ථානයේය. යෝග කාරක සෙනසුරු අටේ වේ. මෙම ග්‍රහ චලිතයන් සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලු මතු කළ හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. ගෙදරදොර කටයතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කරයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයකින් යුතුව ක්‍රියා කරනු ඇත. ඉගෙනීම් කටයුතු කරන අයට අවධානයෙන් ඉගෙනීම් කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. සෙම් පීඩා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
සමපලයි
ලග්නාධිපති බුධ 10ට පැමිණේ. යෝගකාරක සිකුරු අටේ ද ශනි 7, ගුරු 6, රාහු 2, කේතු 8 ගමන් කරයි. මෙම ග්‍රහ ගමන් සැලකීමේ දී යම් යම් බාධා ඇතත් විටෙක අලංකාර වස්තු ලාභ ලැබේ. ආදායම් තත්ත්වයේ වැඩි දියුණුවක් පෙන්නුව ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී වචන පාවිච්චියේ දී කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්තව සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇැත. තමාගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
දියුණුවක් ලැබේ
යෝගකාරක අඟහරු දසවැන්නේ දිග්බලයි. රුචක යෝගයෙන් ද සිටී. ශනි 6 ද, ගුරු 5 ද ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටීම් තුළ තමාගේ කටයුතු සිය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකිය. වෘත්තීය සහ ආර්ථිකය ක්‍රමයෙන් සාර්ථක වේ. ගෙදරදොර කටයුතු කරගෙන යෑමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. සිය උත්සාහය සහ කැපවීම තුළ අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සලසා ගනු ඇත. බඩවැල් ආශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ප්‍රමාදතා ඇති වේ
ලග්නාධිපපති රවි හත්වැන්නේ බුධ සමඟයි. ලග්නය දකී. රාහු 12, කේතු 6 ද ගුරු 4 ද ශනි 5 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරයන් තුළ ඔබගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා ප්‍රමාදතාවන්ට ඉඩ මතු කළ හැකි බැවින් කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
ආර්ථිකය යහපත්
ලග්නාධිපති බුධ හයවැන්නේය. බුධ ලග්නය දකී. ශනි 4 ද, ගුරු 3 ද ගමන් කරයි. එම පිහිටීම තුළ සැලකීමේ දී තමාගේ කටයුතු උදෙසා තරමක අවහිරතා උද්ගත කළ හැකිය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් බාධා අවහිරතා මතු කරයි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායම් ලබාගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක පල ලැබිය හැකිව. රුධිර පීඩනය, උදරාශ්‍රිත රෝග, වෛරස් රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
විවිධ අංශවලින් මුදල්
ලග්නාධිපති සිකුරු 4 ද, ශනි 3 ද, රාහු 10, කේතු 04 ද ගමන්ගනී. එම පිහිටීම තුළ යම් යම් කටයුතු කරගෙන යෑමේ දී බාධා සහ ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ මතු කළ හැකි බැවින් ඉතා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. තමාගේ දරුවන්ගේ කටයුතුවල වෙනස්කම් ඇති කරයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
කල්පනාකාරී වන්න
ලග්නාධිපති කුජ 6 ස්වක්ෂේත්‍රයි. ශනි දෙවැන්නේ ද කේතු 3, රාහු 9 ද, ගුරු ලග්නයේ ද ගමන්ගනී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා හා අවහිරතා ඉස්මතු කළ හැකිය. එම නිසා කල්පනාකාරීව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
ශුභාශුභ මිශ්‍රයි
ලග්නාධිපති ගුරු 12 ද, කේතු 2, රාහු 8 ද ශනි ලග්නයේ ද ගෝචරය වේ. එම ග්‍රහ ගෙගා්චරයන් සැලකීමේ දී විටෙක අනාගත ලාභ බලාපොරොත්තුවෙන් කරන ආයෝජනයන් කෙරෙහි අවධානය යොමු වේ. විටෙක රහස් මිත්‍ර සබඳතා හෝ රහස් ආල බන්ධන ඇති වීමේ ඉඩ පවති. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට තාක්ෂණික, කාර්මික විෂයයන්වල යෙදී සිටින අයට ශුභදායකයි. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
යහපත් සතියක්
ලග්නාධිපති ශනි 12 ද, ගුරු 11 ද කේතු ලග්නයේ ද රාහු 7 ද ගමන් ගනි. එම ග්‍රහ පිහිටීම් තුළ තමාගේ කටයුතුවලට විටෙක සුළු බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. එම නිසා ඉතා උනන්දුවෙන් කැප වීමෙන් ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද ශුභදායක වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. බඩවැල් ආශ්‍රිත පීඩා, අර්ශස් වැනි රෝග බලපායි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සිකුරාදා
කුම්භ
වියදම් ඉහළයි
ලග්නාධිපති ශනි අයස්ථානයේ ද ගුරු 10, කේතු 12, රාහු 6 ගමන් ගනි. එම ග්‍රහ පිහිටීම් තුළ එම කාලය තුළ යම් යම් බාධා අවහිරතා ඇතත් සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. විටෙක වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත් වුවත් විටෙක විඩා ගතියක් ශරීරයට දැනේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහය සහ කැප වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
මීන
රැකියා කටයුතු සාර්ථකයි
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. සෙනසුරු 10 ද, රාහු 5 ද, කේතු 11 ද සිටී. මෙම පිහිටීම තුළ යම් යම් අවහිරතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැප වීමෙන් වෘත්තීය සහ රැකියා කටයුතු සාර්ථක කරගන්නා බව පෙනී යයි. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ අංශයන්ට නැඹුරු වීමෙන් ආදායම් ලබයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උදරාශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි.
ජය වර්ණය- රන්වන්, අංකය- 07, දිනය- බ්‍රහස්පතින්දා