Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

9348Views

 

 
 

 

 

 

මාර්තු 10 සිට මාර්තු 16  දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ

මිශ්‍රඵලයි

ලග්නාධිපති කුජ ලග්නයේ ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදා කර ඇත. ගුරු අටේ ද සිකුරු දහයේ ද වේ. මිල මුදල් ලැබීම ඇතත් විටෙක නිෂ්පල වියදම් පෙන්වයි. කෙසේ වුවත් විටෙක තද ලෙස කේන්ති යන කාලයක් ද වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා සහ අවහිරතා මධ්‍යයේ ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක පල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, හිසරදය වැනි රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා


කටක

මිශ්‍රඵල

යෝගකාරක කුජ දිග්බලව දහයේ රුචක යෝගයයි. ගුරු 5 ද, ශනි 6 ද ගමන් කරයි. මෙම පිහිටීම තුළ සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ද සිය උත්සාහය තුළ කිසියම් සාර්ථකත්වයක් ලබයි. ආදායම් ලැබීම අතින් ශුභයි. දියුණුවක් ලබයි. ගෙදරදොර කටයුතු ද මවුපියන්ගේ කටයුතු ද සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. සෙම් පීඩා, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, බඩවැල් ආශ්‍රිත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා


තුලා

වෙළෙඳාමෙන් ජය

ලග්නාධිපති සිකුරු 4 ද, ගුරු 2, ශනි 3 ගමන් කරයි. එම පිහිටීම් ගැන බැලීමේ දී යම් යම් බාධා ඇතත් සිය උත්සාහය හා කැපවීම තුළ කිසියම් අන්දමක දියුණුවක් ලබයි. කෙසේ වුවත් කරගෙන යන කටයුතු ද අලුතෙන් ආරම්භ කරන කටයුතු ද යහපත් අන්දමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමඟිය සහ සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල ප්‍රගතියක් ඇති වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. වාතාබාධ, සෙම් කෝප රෝග බලපෑ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


මකර

යහපත්

ලග්නාධිපති ශනි 12 ද, ගුරු 11 ද කුජ 4 ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබීමෙන් තම කටයුතු සාර්ථක කරගනි. වෘත්තීය කටයුතු ක්‍රමයෙන් යහපත් වේ. මිල මුදල් ලැබීම යහපත්. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගතයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් ගෙන දේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. බඩවැල් ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා


වෘෂභ

ප්‍රමාද­ා ඇති වේ

ලග්නාධිපති සිකුරු නවවැන්නේය. කේතු සමගයි. රවි දහයේ. ගරු 9 ද ශනි 8 ද ගමන් කරයි. එම පිහිටීම තුළ තමාගේ වැඩකටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ප්‍රමාදතාවන්ට මුහුණ පෑමට සිදු වේ. එම නිසා උනන්දුවෙන් ද කැප වීමෙන් ද ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවලට කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ශරීර තෙහෙට්ටුව, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


සිංහ

මධ්‍යස්ථ ඵල

ලග්නාධිපති රවි හත්වැන්නේය. ගුරු 4 ද, ශනි 5 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරයන් තුළ වෘත්තීය අංශවල දී යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු වේ. එම නිසා බුද්ධිමත්ව, විමසිලිමත්ව තම කටයුතුවල යෙදීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආදායම් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම අවශ්‍යයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා


වෘශ්චික

බාධා සහිතයි

ලක්නාධිපති කුජ හයේ සිට ලග්නය දකී. ගුරු ලග්නයේය. ශනි දෙවැන්නේය. කේතු 2, රාහු 8 ගමන් කරයි. එම ග්‍රහ පිහිටීම් තුළ වෘත්තීය කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා මතු කළ හැකි නිසා කල්පනාකාරී වන්න. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී පරිස්සම් විය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. සමඟිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා


කුම්භ

අලුත් වැඩවලට ශුභයි

ලග්නාධිපති ශනි අයස්ථානයේ ද, ගුරු දහයේ ද සිටී. එම ග්‍රහ ගෝචරය අනුව මිල මුදල් කටයුතුවලට මුදල් ආයෝජනයට අලුත් කටයුතු ආරම්භයට ශුභයි. වෘත්තීය සහ රැකියා අංශයේ කිසියම් මට්ටමක ප්‍රගතියක් ඇති වේ. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල ප්‍රගතියක් පෙන්නුව ද වැඩකටයුතු අධික වීමෙන් වෙහෙසකාරී ගති ඇති කරයි. දරුවන්ගේ කටයුතු උදෙසා වැඩි අවධානයක් යොමු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට පුළුවන. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, වෛරස් රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා


මිථුන

දියුණුවක් ලබයි

ලග්නාධිපති බුධ දහයේය. ශනි හයේ ද රාහු 2 ද කේතු 8 ද ගමන් කරයි. ගුරු 6 වැන්නේය. මෙම ග්‍රහ පිහිටීම් තුළ ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුව ද ඔබට වියදම් පක්ෂය පාලනය කිරීම අපහසු වනු ඇත. මිල මුල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බාධා මැද දියුණුවක් ලබනු ඇත. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. ප්‍රවේසම් වන්න. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතුවල දී උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ලේ දූෂ්‍යාබාධ, වෛරස් රෝග, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


කන්‍යා

ගැටලු මතු වේ

ලග්නාධිපති බුධ හත්වැන්නේ වක්‍රයි. කේතු 4, රාහු 10, ශනි 4, ගුරු 3 ගමන් කරයි. ශාරීරික වෙහෙසකාරී ගතිය විඩාව ඇති වේ. වෘත්තීය කටයුතුවල දී උසස් නිලධාරීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් උදා කරගත හැකි නිසා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් අයහපත් නැත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා තරමක් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරහි අවධානය යොමු වේ. රුධිර පීඩනය, ස්නායු, නහර දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


ධනු

රැකියාවට බාධා

ලග්නාධිපති ගුරු 12 ද, සෙනසුරු ලග්නයේ ද ගෝචරය වේ. එම පිහිටීම තුළ තම වැඩකටයුතුවලට යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. විටෙක මුදල් ආයෝජනයට ඉඩ සැලසුණත් එහි ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වේ. කල් යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. වෘත්තීය කටයුතුවල දී ද සුළු වශයෙන් හෝ බාධා ඇති කළ හැකිය. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ඉගෙනීම්වල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි හිත ඇදී යයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා


මීන

වියදම් අධිකයි

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ද, ශනි දහයේ කර්මස්ථානයේ ද සිටී. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී අන්‍යයන්ගේ සහාය ලැබීම තුළ තමාගේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් ඇති කරයි. බාධා මැද වුව ද වෘත්තීය සහ රැකියා අංශ යහපත්ය. මිල මුදල් ලැබීම අතින් ක්‍රමයෙන් දියුණුවක් ලබයි. වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. තද ලෙස කේන්ති යයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය, ධනය, ශ්‍රමය වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට පුළුවන. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා