මාර්තු 31 සිට අප්‍රේල් 06 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.
මේෂ
ආගමික අංශයට නැඹුරු වේ
ලග්නාධිපති අඟහරු අටවැන්නේ ද, ගුරු, ශනි, කේතු භාග්‍යස්ථානයේ ද, රාහු තුන්වැන්නේ ද ගෝචරය වේ. ප්‍රීතිමත් දුර බැහැර ගමන්, වන්දනා ගමන් යෑමට සිදු වේ. ගෙදර දී හෝ පිටත දී ආගමික අංශවලට මැදිහත් වී ක්‍රියා කිරීමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උසස් ඉගෙනීමකට මාර්ගය සැලසේ. පවුලේ අය සමඟ ආශ්‍රය වැඩි වේ. පිට පළාත්වල දී කරන කටයුතුවලින් ලාභ ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. උෂ්ණාධික රෝග, ස්නායු නහර දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය අංකය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
මිශ්‍රපල
ලග්නාධිපති සිකුරු බුධ කර්මස්ථානයේය. ශනි, කේතු, ගුර අටේය. කුජ ලග්නයේ ද රාහු දෙවැන්නේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය තුළ එතරම්ම ශුභදායක නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කරයි. එම නිසා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගනී. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවුව ද ඔබට මුදල් ඉතිරි කරගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුය. ගෙදරදොර කටයුතු යහපත්ය. නමුත් වචන පාවිච්චියේ දී සැලකිලිමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන ඉතාමක් කල්පනාකාරී වන්න. සංකීර්ණ රෝගාදියට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය-- සිකුරාදා
මිථුන
ප්‍රමාදතා
ලග්නයේ රාහු හතේ, ශනි, කේතු ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු භාග්‍යස්ථානයේ ද ගුරු හයේ ද ගෝචරය වේ. පවුලේ අය අතර අසමඟියට හෝ ඔවුනොවුන් අතර වෙනස්කම් මතු වීමේ ඉඩක් පවතී. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වුවත් යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු වේ. මිල මුදල් ලැබීම තුළ ශුභදායක බවක් පෙන්නුවත් වියදම් පක්ෂය ඉහළ යයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසු විය යුතුය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන්, වෛරස් රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වියදම් අධිකයි
යෝගකාරක කුජ අයස්ථානයේය. ගුරු පූර්ව පුණ්‍යස්ථානයේ ද ශනි, කේතු 6 වැන්නේ ද ගමන් ගනි. මෙම ග්‍රහ පිහිටීම් තුළ මිල මුදල් ලැබීම යහපත් වුව ද අනපේක්ෂිත ලෙස හටගන්නා සිද්ධීන් තුළ වියදම් පක්ෂය පාලනය කරගැනීම නම් තරමක් අසීරුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා සහ ගැටලුකාරි තත්ත්වයන් මැද වුව ද සාර්ථක ප්‍රතිඵල ලැබීමේ ඉඩක් නැත්තේ ද නොවේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වෛරස් රෝග, උෂ්ණාධික රෝග, බෝවන රෝග, මලබද්ධය යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය-- සඳුදා
සිංහ
උත්සාහය අවශ්‍යයි
ලග්නාධිපති රවි අටේ ද, බුධ සිකුරු හතේ ද, ශනි කේතු 5 ද, ගුරු 4 ගමන් ගනී. එම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේ දී පවුලේ අයට අසනීප හෝ පීඩාවන්ට ලක් වීමේ ඉඩක් පවතී. ප්‍රවේසම් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා සහ අවහිරතා මධ්‍යයේ වුව ද සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරි වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. අධික රුධිර පීඩනය, ලේ ඌෂ්ණවීම, ලේ දෝෂ, උණ ලවණ ගතිවලට ඉඩ පවතී.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
කතාවෙන් ජය
ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු සමඟ හයවැන්නේය. ශනි, කේතු 4 ද, ගුරු 3 ගෝචරය වේ. යම් යම් කටයුතුවල ප්‍රමාදවීම් නිසා හිතට දුකක් අසතුටක් ඇති වීමට කරුණු යෙදේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. යම් යම් ප්‍රමාදවීම් මධ්‍යයේ වුව ද වෘත්තීය සහ රැකීරක්ෂාවල දියුණුවක් උදා කරයි. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. කතාවේ බලයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. දරුවන්ගේ කටයුතු යහපත්ය. කිසියම් දියුණුවක් ගෙන දේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
සමපලයි
ලග්නාධිපති සිකුරු බුධ පූර්ව පුණ්‍යස්ථානයේය. ශනි, කේතු 3 ද, රාහු 9 ද, ගුරු දෙවැන්නේ ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය තුළ සැලකීමේ දී තමාට හිතවත් අයගේ උපකාරය, ආධාරය ලැබීම තුළ තමාගේ කටයුතු ක්‍රමයෙන් සාර්ථක කරගනී. කරගෙන යන කටයුතුවල කිසියම් දියුණුවක් උදා කරගනී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත් වන නමුත් ඔවුනගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යහපත්ය. අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
කල්පනාකාරී වන්න
ලග්නාධිපති කුජ 7 ද, ගුරු ලග්නයේ ද, ශනි කේතු දෙවැන්නේ ද, රාහු 8 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී එම කාල සීමාව තුළ ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. බාධා අවහිරතා ගැටලු ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී තරමක් දුරට කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. උත්සාහය තුළ දියුණූව ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දින- අඟහරුවාදා
ධනු
ඉවසීම අවශ්‍යයි
ලග්නාධිපති ගුරු 12 ද, ශනි කේතු ලග්නයේ ද රාහු 7 ද ගමන් ගනී. බුධ, සිකුරු තුනේ සිටී. එම කරුණු සියල්ල සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු වන නිසා ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම යහපත් නොවේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. අනතුරු පීඩා තුවාල වෛරස් රෝග, බෝවන රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ශුභදායකයි
ලග්නාධිපති ශනි, කේතු 12 සිටී. ගරු 11 ද, රාහු 6 ගෝචරය වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ සහයෝගය, උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගත හැකියි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. වාසිදායකයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලබයි. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. රුධිර පීඩනය, හෘදගත පීඩා, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, සෙනසුරාදා
කුම්භ
කල්පනාකාරී වන්න
ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේය. ගුරු දහයේය. රාහු 5 ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ සැලකීමේ දී යම් යම් බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු කරගෙන යෑමට සිදු වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල වුව ද යම් යම් අවහිරතා, බාධා ඇති කළ හැකිය. එම නිසා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම මධ්‍යස්ථයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු උදෙසා වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටීම අවශ්‍යයි. අධ්‍යාපන කටයුතුවල යම් යම් පසුබෑම් ඇති කරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
වියදමට සරිලන ආදායම්
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු කර්මස්ථානයේ ද, රාහු 4 ගමන් ගනී. එම ග්‍රහ චලිත ගැන සැලකීමේ දී ඉක්මනට කෝප වන, කේන්ති යන ගති ඇති වන නිසා කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකියා අංශවල දී ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් සාමාන්‍ය වේ. වියදමට සරිලන ආදායම් ලැබේ. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහය තුළ සාර්ථක පල ලබයි. පපුව, පෙණහැල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා