Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

උපාධියටත් කම්කරු රැකියාවක් ඉල්ලන දිස්ත්‍රික්කයක්

2316Views

 

 
 

 

 

ශ්‍රී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතය ඇති දිස්ත්‍රික්ක අතර පළමු ස්ථානයට  කිලිනොච්චිය ද දෙවන ස්ථානයට  කෑගල්ල  දිස්ත්‍රික්කය ද පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කෑගල්ල එජාප සංවිධායක ලිලාන් අමරකෝන් මහතා පවසනවා.

යුද්ධය නිසා කිලිනොච්චියේ විරැකියා අනුපාතය ඉහළ ගිය ද කෑගල්ල දිස්ත්‍රික්කයේ එවැනි තත්ත්වයක් ඇති වීම ඛේදජනක බවයි ඔහු පවසන්නේ.

රැකියා ඉල්ලුම්පත් තුන්දහසක් පමණ තම  කාර්යාලයට ලැබී ඇති බවත් එයින් 99%ක් පමණ රජයේ රැකියා ඉල්ලා සිටින බවත්  ලිලාන් අමරකෝන් මහතා පෙන්වා දෙනවා.

ඒ අතර සිටින උපාධිධාරීන් පවා රජයේ කම්කරු රැකියාවක් හෝ ලබා  ලෙස ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ.