රජයේ නිලධාරීන් සඳහා ලබාදෙනු ලබන මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනාක්‍රමය සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.
නව බලපත්‍රයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 30000කි. මීට හිමිකම් ලබන සේවාවන්හි නිලධාරියෙකුට තම සේවා කාලය තුළ ලබාගතහැකි බලපත්‍ර සංඛ්‍යාව 02කි. පළමු බලපත්‍ර ලබාගැනීමෙන් වසර 10කට පසු දෙවන බලපත්‍රයට හිමිකම් ලැබේ.
මෙම ක්‍රමයට අනුව වාහනය සඳහා ගෙවියයුතු බදු ප්‍රමාණයෙන් 50%ක සහනයක් හිමි වේ.
බදු සහන යටතේ මීට පෙර වාහන දෙකක් ලබාගෙන ඇති නිලධාරීන්ට මෙයට හිමිකම නොලැබෙන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අංක 22/99 දරණ චක්‍රලේඛය යටතේ විශ්‍රාම යන අවස්ථාවේදී මෙම හිමිකම ලබන රජයේ මාණ්ඩලික නිලධාරීන්ට සහනදායී බලපත්‍රයකට හිමිකම් තිබේ.