උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් වීමේ පුවතක් වාර්තා වනවා. ඒ ඔහුගේ ශරීරය තිබුනට වඩා කෙට්ටු ස්භාවයටයි ඒ හේතුවෙන් එරට සියලු වැසියන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වනවා
කිම් ජෝන් උන් එලෙස වෙනස් වි දැකීමද එරට වැසියන්ගේ හද කම්පා කරවන පුවතක් බවට එරට වැසියන් සදහන් කරන අතර පසුගිය දින වල රුපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීමේදී එම වෙනස්කම දක්නට ලැබී තිබෙනවා.
කිම්ගේ මේ සෞඛ්‍ය තත්වය වෙනස්කම රහසක් ලෙස තබා ගැනීමට එරට සියලු මාධ්‍ය පවා කටයුතු කරන බවටයි වාර්තා වන්නේ, යම් හෙයකින් ඔහු දුර්වල වේ නම් කිසියම් ආක්‍රමණයක් එල්ලවිය හැකි නිසාවෙනි.