Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

උපත් පාලන කොපුවක් නිසා ලැබුණු ඔලිම්පික් පදක්කම (Video)

4571Views

 

 
 

 

 

ටෝකියෝ ඔලිම්පික් උළලේ කරට කර තරඟයකින් පසු ඇමරිකාව ජය හිමිකර ගත්තා. ඒ රන් පදක්කම් 39 ක් දිනාගනිමින්. දෙවන ස්ථානය ලැබූ චීනය රන් පදක්කම් 38ක් දිනාගත්තා. සත්කාරක ජපානය රන් පදක්කම් 27 ක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්වුණා.

රස්වත් සිදුවීම් කිහිපයක්ම සිදුවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඕස්ට්‍රේලියාණු ඔරු පැදීමේ ක්‍රීඩිකාවකට සිදුවුණු රසවත් අත්දැකීමක් පිළිබඳ වාර්තා වුණා. ඕස්ට්‍රේලියාවේ ඔරු පැදීමේ ශූරියක් වුණු “ජෙසිකා ෆොක්ස්” ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අපූරු වීඩියෝවක් පළකර තිබුණා. 

තරඟය ආරම්භ කිරීමටට ආසන්නව තිබියදී ඇයට ඔරුවේ දෝෂයක් ඇතිබව වැටහී යනවා. 

ඔරුව අලුත්වැඩියා කිරීමට කාල වෙලාවක් නොතිබුණ නිසා ඇය ඔවුනට ලබා දෙන කොන්ඩමයක් භාවිතා කරලා ඔරුව සක්සා ගන්නවා. “ජෙසිකා ෆොක්ස්” තරඟයට සහභාගි වී ලෝකඩ පදක්කම හිමි කර ගන්නවා. ඇය පසුව පවසා තිබුණේ ඇයට එම කොන්ඩමය නොලැබුණා නම් තරඟයේ ස්ථානයක් දිනා ගැනීම්ට නොහැකි වීමට ඉඩ තිබුණු බවයි.

ඇය මෙහිදී ස්ථානෝචිත ප්‍රඥාව අනුව කටයුතු කිරීම නිසා පදක්කම්ක් දිනාගැනීමට පුළුවන් වුණා.

ඇගේ ඔරුවේ කිරීමට සිදුවුණු අලුත්වැඩියාවක් සඳහා කොන්ඩමයක් භාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්