Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

අක්කර 100ක කාබනික මිරිස් වගාවක්

998Views

 

 
 

 

 

වතුකරයේ තාරුණ්‍යය වගාවට යොමු කරමින් රජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නාවලපිටිය ගලබඩ වත්ත වතු යායේ වගා නොකරණ ලද ඉඩම්වල තරුණ පිරිස වෙත වගා කටයුතු සදහා ලබාදෙමින් කාබනික මිරිස් වගාවක් අක්කර 100ක සිදුකරනවා. වතුකරයේ තාරුණ්‍ය ව්‍යවසායකයින් කරන ගලබඩ අක්කර 100ක කාබනික මිරිස් වගා ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියටම ක්‍රියාත්මක වෙමින් පවත්නා අතර එක් තරුණයෙකු සදහා අක්කර භාගයක් බැගින් වතුකරයේ තරුණ තරුණියන් 200ක් සම්බන්ධ කරගනිමින් මෙම ව්‍යාපෘතිය සිදුකරනවා..

මහින්දානන්ද මහතා එම වගා කටයුතු නිරීක්ෂණයය කළ අතර එම පිරිසට වගා කටයුතු සිදුකිරීමෙදී පවත්නා ගැටලු පිළිබදව සොයා බලා එම ගැටලු වලට නිසි විසදුම් ලබාදීමට හැකිවී තිබෙනවා. එහිදී එම පිරිස සඳහා උපකරණ ලබා දීමක්ද සිදු විය. රට වෙනුවෙන් මෙන්ම තම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට ⁣ඔවුන්ට මෙමගින් ඉඩක් ලැබී ඇති බවත් දියහැකි, දියයුතු සියලු පහසුකම් ලබාදිමට, ඔවුන්ට නැගිටින්න හයියක් වීමට සුදානම් බවත් එම පිරිසට මහින්දානන්ද මහතා පවසා තිබෙනවා.