Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඩොලර් මිලියන 2.25 ක අල්ලස් ලබා ගත් ඉන්දුනීසියාවේ හිටපු ඇමතිවරයාට අවුරුදු 11 ක සිරදඬුවමක්

967Views

 

 
 

 

 

කෝවිඩ් -19 සමාජ ආධාර අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත එරට හිටපු සමාජ කටයුතු ඇමති ජුලියාරි බටුබාරාට වසර 11 ක සිර ද දඬුවමක් නියම කරන ලෙස ඉන්දුනීසියානු දූෂණ මර්දන කොමිසමේ නඩු පවරන්නන් ඉල්ලා සිටියහ.

මධ්‍යම ජකර්තා දූෂණ අධිකරණයේ පැවති මෙම නඩු විභාගයේදී ඉන්දුනීසියාවේ හිටපු සමාජ සුබ සාධන ඇමතිවරයාට අවුරුදු 11 ක සිරදඬුවමක් අද නියම කෙරුණා. ගෙවීමට නියම වූ දඩය ඇමරිකන් ඩොලර් 34500 ක්. වසර 4 ක් යනතුරු රජයේ තනතුරු දැරීමද තහනම්.
කොවිඩ්-19 හේතුවෙන් අසරණ වූ පිරිස්වලට ආහාර සපයන කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඩොලර් මිලියන 2.25 ක අල්ලස් ලබා ගැනීමටයි ඔහු මෙසේ වරදකරු කෙරුණේ.

බටුබරා අත්අඩංගුවට ගැනීමෙන් ටික කලකට පසු සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, ඔහු වෙනුවට රටේ දෙවන විශාලතම නගරය වූ සුරබේහි හිටපු නගරාධිපති ට්රි රිස්මහාරිනි පත් කරන ලදී.