Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

කොවිඩ් ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවන සතෙක් හදුනා ගැනේ

977Views

 

 
 

 

 

මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් නිපදවන ප්‍රතිදේහ මෙන් සත්තු ද ප්‍රතිදේහ නිපදවති. නමුත් ලාමා වැනි සමහර සතුන් සාමාන්‍ය මිනිස් ප්‍රතිදේහයක ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ වන තවත් ප්‍රතිදේහ විශේෂයක් නිපදවයි.


ලාමා සත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවෙන බව පර්යේෂණයකින් අනාවරණ වී තිඛෙනවා.

ඒ ඛෙල්ජියමේ රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකදීයි.

කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද සඳහා සාර්ථකව මුහුණදීමටද මෙම ප්‍රතිදේහ වලට හැකි බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

මේ අනුව කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේදී මෙම සොයාගැනීම සාර්ථක ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ ඉහළ ප්‍රතිශක්තීකරණයකින් සමන්විත වීම විශේෂත්වයක්.

මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් සොයා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 ජාත්‍යන්තර වසංගතයක් ලෙස ප්‍රකාශ කළේ 2020 මාර්තු 11 වෙනිදාය. මේ වන විට එය ලොව පුරා මිලියන 4 කට වැඩි පිරිසකට ආසාදනය වී මිලියන හතරකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. පර්යේෂකයන් එන්නත් නිපදවීමට ඉක්මන් වෙති. මේ අතර, කඩිනමින් ඵලදායී ප්‍රතිකාර අවශ්‍ය වේ.