Tuesday, December 6, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඩොලර් මිලියනයකට විකිනෙන පාපන්දු තරුවක් වන ලයනල් මෙසීගේ කඳුළු සහ හොටු

1622Views

 

 
 

 

 

පාපන්දු තරුවක් වන ලයනල් මෙසී බාර්සිලෝනා වෙතින් නික්ම යාම රසිකයන් කම්පනයටව  පත් කළේය. 34 හැවිරිදි ආජන්ටිනා ක්‍රීඩකයා වසර 21 කට පසු  සමුදෙන විට මාධ්‍ය හමුවක් පැවැත්වූ විට ලොව පුරා සිටින ඔහුගේ රසිකයින්ගේ දෑස් කඳුළින් තෙත් විය. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, බාර්සිලෝනා අතහැර පැරිස් ශාන්ත ජර්මේන් (PSG) පාපන්දු සමාජයට බැඳෙන බව පැවසූ ඔහු හැගීම්බර වී කඳුළු සැලුවේය. එම සංවේදී අවස්තාවේ ඔහු කඳුළු හා හොටු පිසීමට භවිතා කල ටිෂූ කොලය මෙසේ රැගෙන ගොස් වෙන්දේසියේ දමා තිබේ.

ජනමාධ්‍ය වාර්තා වලට අනුව, ලයනල් මෙසී භාවිතා කළ ටිෂූ කොලයේ මිල ඩොලර් මිලියන 1 ක් ලෙස සටහන් වී තිබේ. මෙසීගේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව, නාඳුනන පුද්ගලයෙකු කඳුළු සහ හොටු තැවරුනු ටිෂූ කැබැල්ල ගත් බව වාර්තා වේ.  ඔහු එම ටිෂූ  කොලය ‘මර්කාර්ඩෝ ලිබ්රේ’ වෙබ් අඩවියේ අලෙවියට දමා ඇති අතර නිවැරදි මිලක් ලැබුණහොත් එය අලෙවි කරන බව පැවසුවේය.

දැන්වීම පළ කළ තැනැත්තා පැවසුවේ බාර්සිලෝනාට ආයුබෝවන් කියමින් මෙසී සිය මාධ්‍ය හමුව පැවැත්වීමේදී එම ටිෂූ කොලය භාවිතා කළ බවත් තමා පුවත්පත් සාකච්ඡාවට සහභාගී වූ බවත් එම ටිෂූ කැබැල්ල මෙසී බඳුනකට දැමීමෙන් පසු ගත් බවත්ය.