Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

"අවසර ගන්න ඔින බව අපි දන්නේ නැහැ " පවසමින් මරගල කදුවැටිය මතින් අනවසරයෙන් ඉදිවෙන මාර්ගය (Photos)

1123Views

 

 
 

 

 

පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මරගල කදුවැටිය මතින් අනවසරයෙන් ඉදිවෙන කිලෝමිටර් 06කින් යුත් මාර්ගය, මරගල පරිසර ආරක්ෂණ කමිටුවෙි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මොණරාගල දිස්ත්‍රික් ලේකමි ගුණදාස සමරසිංහ මහතා ඇතුලු එම කමිටු නියෝජිතයින්ගේ නිරික්ෂණයට මාර්ගය නිසා කදුවැටියට සිදුව ඇති හානිය පිළිබදව කොන්ත්‍රාත් සමාගමට  දිස්ත්‍රික් ලේකමිවරයා ඇතුලු කමිටු නියෝජිතයින්ගේ අප්‍රසාදය

මරගල කදුවැටියේ ගල් කඩා, කොන්ත්‍රාත් සමාගම විසින් සිදුකරන වෙනත් ඉදිකිරිමකට එම ගල් ට්‍රැක්ටර් රථ මගින් රැගෙන යද්දි දිස්ත්‍රික් ලේකමිවරයා ඇතුලු මරගල පරිසර ආරක්ෂණ කමිටුවෙි නිළධාරින් අතටම හසුවෙි.නොදැනුවත්කම නිසා එසේ කලබව මාර්ග ඉංජිනේරැවා පවසයි.

මෙම මාර්ගය ඉදිකරනුයේ නිති විරෝධි ආකාරයට බව අනාවරණය විමෙන් පසුව, මෙි සමිබන්ධයෙන් ක්ෂේත්‍ර නිරික්ෂණයක් කරන තෙක් මාර්ගයේ ඉදිකිරිමි තාවකාව අත්හිටවන ලෙස දිස්ත්‍රික් ලේකමිවරයා ඉකුත් සතියේ උපදෙස් දි තිබියදි, එම උපදේස් නොතකා, දිස්ත්‍රික් ලේකමිවරයා අද එහි (25) ක්ෂේත්‍ර නිරික්ෂණයට යනවිටත් අදාල කොන්ත්‍රාත් සමාගම මාර්ගයේ ඉදිකිරිමි කටයුතු කරමින් සිටි බව පරිසර සංවිධාන චෝදනා කරති.

“මෙම මාර්ගය ඉදිකරන්න මරගල පරිසර ආරක්ෂණ කමිටුවෙි අවසර ගන්න ඔින බව අපි දන්නේ නැහැ. එහෙ කමිටුවක් තියෙන බව අපි දන්නෙත් දැන් මාස දෙකකට විතර කලිනුයි කොන්ත්‍රාත් සමාගමෙි ප්‍රධාන ඉංජිනේරැවරයා පවසයි.
මරගල කදුපංතිය ශාක හා සත්ව විශේෂ 859ක් සදහා ආරක්ෂාව හා වාසස්ථාන සපයන ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පාරිසරික කලාපයක් බවත් මෙහි හදුනාගත් ශාක හා සත්ව කොටිඨාශ අතරින් ශාක හා සත්ව විශේෂ 154ක් මෙරටට පමනක් ආවෙිණික වන අතර මුලු ලොවින්ම මෙම මරගල කදුවැටියට පමනක් ආවෙිණික ශාක හා සත්ව විශේෂ ගනනාවක්ද වන බවත් පරිසරවෙිදිහු කියති.

මරගල ජල සංවෙිධි කදුවැටියකි. මෙම කදුවැටියේ ඇති ජලමුලාශ්‍ර යොදාගනිමින් මොණරාගල නගරයේ හා ඒ ආශ්‍රිත පවුල් 6261ක් සදහා පිරිසිදු පානිය ජලය සපයා ගන්නා අතර තවත් පවුල් 12000ක් පමණ මෙම කදුවැටියෙන් ආරමිභ වන හැඩඔය, මරගල ඔය හා හුලංදාඔය යොදාගනිමින් පානිය හා කෘෂිකාර්මික ජලය සපයා ගනි.
“මරගල කදුවැටියේ නාය යන ස්ථාන රැසක් අපි හදුනාගෙන තියෙනවා. අපි දන්න ඉතිහාසයේ ප්‍රථමවරට ඉකුත් වසරේ මෙි කන්ද නායයෑමට ලක්වුනා.මෙි මාර්ගය ඉදිකිරිමට කරන පිපිරවිමි හා ඩෝසර් යොදා කරන භුමියේ වෙනස්කමි නිසා නාය යෑමට ලක්වන ස්ථාන වැඩිවිය හැකියි“ මොණරාගල අපදා කළමණාකරන ඒකකය පවසයි.

“මෙම අනවසර මාර්ගය නවතා, මාර්ගය නිසා මෙම පරිසර පද්ධතියට සිදුව ඇති හානිය ගනනය කර එය මෙම කොන්ත්‍රාත් සමාගමෙන් ප්‍රතිපුර්ණය කිරිමට කටයුතු කල යුතුයි.“ පරිසර සංවිධාන කියති.

මහා විනාශයක් කරමින් නිති විරෝධි ආකාරයට මෙම මාර්ගය වසර දෙකක් පුරා ඉදි වෙද්දි, ඒ පිලිබදව සොයා බැලිමට අදාල වගකිවයුතු රජයේ පාර්ශය කටයුතු නොකිරිම පිළිබදව මොණරාගල ප්‍රදේශවාසින්ගේ කනස්සල්ල.