Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

විදේශ රටවල යොහානිගේ නමින් ප්‍රසංග පැවත්වීමට සූදානම්

3650Views

 

 
 

 

 

මේ වන විට යොහානිගේ YouTube නාලිකාව subscribers මිලියන 2ටත් ආසන්න වෙමින් තිබෙනවා. ඒ වගේම ඇය ගායනා කරන මැණිකේ මගේ හිතේ කියන ගීතය මිලියන 55කට වඩා පිරිසක් නරඹා තිබෙනවා. ඇයගේ YouTube නාලිකාවේ ඇය ගායනා කරන සියළුම ගීත මේ වන විට මිලියන ගණන් නැරඹුම්වාර පසු කර තිබෙනවා ඉතා සීඝ්‍රයෙන්.

YouTube තුලින් අදික මුදලක් ඉපයීමට හැකි බව අපි කවුරුත් දන්න කරුණක්. නමුත් ශ්‍රි ලංකාව තුල අඩු මුදලක් තමයි YouTube වලින් ගෙවන්නේ. නමුත් යොහානිගේ ගීතය මේ වන විට ශ්‍රි ලංකාවෙන් පිට බොහෝ විදේශකයින් නරඹමින් සිටනවා. එම නිසාවෙන් ඇය විදේශ විනිමය ඉහල ලෙස රට ඇතුලට ගේන්නද යොහානි මේ වන විට සමත් ව තිබිම සතුටට කාරණාවක්.

ඒ වගේම තමා මේ වන විට යොහානිට විදේශ රටවල් රැසකින් ඇයගේ නමින් ප්‍රසංග පැවැත්වීමට ද ආරාදනා ලැබි තිබෙනවා. ඇය සිය සමාජ්‍ය මාධ්‍ය එවැනි ප්‍රසංගයක් පිළිබද පල කරලත් තිබෙනවා. ඒ දෙසැම්බර් මාසයේ ඩුබායි රාජ්‍යයේ ඇගේ නමින් ප්‍රසංගයක්. ශ්‍රි ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වු විශාල වත්කමක් ඇති ගායිකාවක් ඇය පත් වන බව දැන් නොරහසකි.