Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන තවත් තරුවක්

864Views

 

 
 

 

 

මේ දිනවල කා අතරත් ජනප්‍රිය වගේම කතා බහට ලක්වන ගීතය තමයි මැණිකේ මගේ හිතේ ගීතය. සතීෂාන් රත්නායක විසින් ගායනා කරපු ගීතය පසුව යොහානි විසින් කවර් ගීතයක් ලෙස එලි දක්වනවා. එම ගීතයට මේ වන විට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමිනුයි පවතින්නේ. ලංකාවේ වගේම ඉන්දියාව ඇතුලු විදෙස් ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කර ගැනීමට එම ගීතයට හැකි වී තිබෙනවා. ඉතින් ඒ වගේම අපේ රට ජාත්‍යන්තර හමුවට අරන් යන අපේ කාලයේ වෙනස්ම නිර්මාණකරුවෙක් ගැනයි මේ සටහන.

ඔහු නමින් සඳරු සත්සර. සඳරු කියලා කියන්නේ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය හරාදන ශිෂ්‍යයෙක්. Youtube ඇතුලු සමාජ මාධ්‍ය වල මොහු සුවිශේෂ වන්නේ වෙනස්ම සංකල්පයක් ප්‍රේක්ෂකයන්ට හදුන්වා දීපු නිසා.

ඉංග්‍රීසි ගීත ශ්‍රී ලංකාවෙ වගේම ඉන්දියාවේ ද ගායනා වෙන්නෙ ටිකක් වෙනස් විදිහට.. ඒ කියන්නෙ අපි ගොඩ දෙනෙක් ගීතය උච්චාරණය කරන්නේ වෙනස්ම විදිහකටයි.. මොහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ගීත උච්චාරණය කරන අයුරු සම්මිශ්‍රණයක් කර ගනිමින් ඊට තවත් හැඩතල යොදාගෙන ගීත ප්‍රතිනිර්මාණය කරනවා.

එහෙම කරපු ගීත රැසක් ඔහු මේ වන විට සමාජ මාධ්‍ය වලට මුදා හැරීම සිදු කරලයි තියෙන්නේ. ඒවාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත්ම ඉහලයි. ශ්‍රී ලංකාවේ රසිකයන්ට වඩා විදෙස් රසිකයන් පිරිසක් ඔහු වටා එකතු වෙලා ඉන්න බව ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් මනා ලෙස පැහැදිලි වෙනවා.

ඉන්දීය, ඉන්දුනීසියානු ප්‍රේක්ෂකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ලැබෙන බව එම ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. මේ වන විට ඔහුගේ youtube නාලිකාව වටා දෙස් විදෙස් රසිකයන් 440,000 කට වඩා වැඩි පිරිසක් එකතු වෙලා සිටිනවා. මෙලෙස විශාල පිරිසක් එක් වී සිටින්නේ ඉතා කෙටි කලකින්. ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් රැසක් සිටින සඳරු සත්සර හට අනාගතයේදී ද හොද ප්‍රතිචාර ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු