Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලංකාවෙන් මතු වූ ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට රැගෙන යයි

2988Views

 

 
 

 

 


රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික  ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබා ගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

මැණික ස්විට්සර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකදී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ලැබේ.

මැණික විදේශීය මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට කටයුතු සූදානම් කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

මැණික ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් ඇත්තේ කුරියර් භාණ්ඩ ප්‍රවාහන ක්‍රමය මගිනි.

මෙම මැණික චීන මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් මැණික සම්බන්ධයෙන් රටවල් ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇති බවත් ලොහාන් රත්වත්තේ මහතා පවසනවා......