Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මේ උපන් ලප ඔබටත් පිහිටා තිබේද බලන්න

1426Views

 

 
 

 

 

උපන් ලප අනුව පලාපල කථනය කළ හැකිය අතර මෙලොව උපදින සත්වයින්ගේ කර්මානුරූපව පිහිටන මෙකී කැලැල් අනුව පැරැන්නන් පලාපල ප්‍රකාශකර ඇත. උපන් ලපයක් හැටියට මෙහිදී ගණන් ගනු ලබන්නේ තල, මුං, උඳු, මෑ ඇට ප්‍රමාණයේ ශරීර ලප ය. පුරුෂයාගේ දකුණුපස ද ස්ත්‍රියගේ වම්පස ද ශරීර කලාප ශූභ පල ගෙන දේ. අනෙක් පස අසුබයි.

හිස උපන් ලපය සමාජයේ ප්‍රසිද්ධිය ලබාදේ. එසේම අනුන්ගේ සිත් දිනා ගනී. නළල මැද උපන් ලපය පැවිද්දට සුබ වේ. ගිහිගෙය හැර පැවිදිව ලෝක පූජිත වේ.

ඇහිබැම යම් ලපයක් වේ නම් එය උඩඟු බවේ ලක්ෂණයකි ඒ අනූව හිතුවක්කාර  දීගයක් කර ගනී. කනේ ලපය ඉගෙනීමේ දක්ෂ නොවේ. නෑයන් සතුරු වේ. ධන ලාභ ද නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේ.

ඇස වට හා කබවල ලපය අයහපත්ය එය දිළිඳු වේ. අපල උපද්‍රා ඇති කෙරේ එමෙන්ම යමෙකුගේ නහය මත ලපයක් ඇත්නම් ඔහු විනෝදකාමියකු වේ. තරමක ධනවතෙක්ද වේ. හොර බොරු නැති අවංක මිනිසෙකි.

පපුවේ තල ඇටයක් පමණ ලපයක් ඇත්නම් ඉක්මන් කෝපය ඇත. තන ප්‍රදේශය ලපය ඇති ස්ත්‍රිය ස්වාමියාට හිංසා කරයි. උදර ලපය ධන සෙවීමට උත්සාහ කරයි. පිට කොන්ද රෝගී වේ අල්ලේ ද ලප සුභ නැත. පයේ ලප සමේ රෝග ඇති කරන බවද ලප සාස්ත්‍රය අනුව සදහන් වේ