Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

පොළොන්නරුවට අහිමි වූයේ අත්‍යාවශ්‍යම ව්‍යාපෘතියක් – නාලක කොලොන්න

1261Views

 

 
 

 

 

 පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඉදිකරන බව කියන ව්‍යායාම මංතීරුවක් නිසා සමාජ මාධ්‍ය ජාලා වලි දැඩි කතා බහක් ඇතිවී තිබුනා.. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා සටහනක් තබා තිබෙනවා..

“ මුහුණුපොත පුරාවටම ඇත්තේ පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්ම විනාශ කර ඉපැරණි රළපනාව වෙනස් කිරීමක් ගැන සාවද්‍ය  පුවතක්ය. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නොදන්නා බොහෝ ෆේස්බු ක් විචාරකයන්ට ගැටලුව වී ඇත්තේ JOGGING TRACK යන වචනයේය. එහෙත් එය සැබෑවටම වැව් බැම්ම ආරක්ෂා කරන ව්‍යාපෘතියක්ය. ඇවිදින මංතීරුව යනු එහි අතුරු දිගුවක්ය.

විෂය ප්‍රාමාණික ඉංජිනේරුවරුන්ගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැළසුම වී තිබුණේ අ බල වූ වැව් බැම්ම සහ මාර්ගය ප්‍රතිසංස්කරණය කොට අඩි 08 ක් වැව් බැම්ම පස් වලින් පුරවා වඩාත් ආරක්ෂිත ලෙස සකස් කිරීම විනා, රළපනාවට හා නියක් කිරීම නොවන බව බොහෝ දෙනා වටහා නොගත් කරුණය.

එහෙත් බොහෝ නූගතුන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් පොළොන්නරුවට අහිමි වූයේ අත්‍යාවශ්‍යම ව්‍යාපෘතියක්ය.