Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

"ලෝකෙ බැංකුව" හෙවත් ඩූම්ස්ඩේ වෝල්ට්

1546Views

 

 
 

 

 

.වාසනාවකට ලංකාවෙ "දේශපාලනය කියන ව්‍යාපාරය" කරන කණ්ඩායමට  යන්න බැරි තැනක තමයි මේ "ලෝකෙ බැංකුව" හෙවත් "බීජ බැංකුව " ස්ථාන ගත වෙලා තියෙන්නෙ.

අනුමාන වශයෙන් කිව්වොත් ග්‍රීන්ලන්තයට මදක් දකුණින් හා නෝර්වේ රාජ්‍යයට උතුරට වෙන්න උත්තර ධ්‍රැවයට ආසන්න වෙන්න ස්පිට්ස්බර්ගන් ( Spitzbergen) නම් අයිස් දූපතේ තමයි මේ බැංකුව තියෙන්නෙ.

හිතේ මැවෙන්නෙ ධන නිධානයක්... දියමන්ති.. මුතු මැණික්.. ඇත් දල ..රන්..රිදී .. ප්ලැටිනම් වගේ දේවලින් පිරිල ඉතිරිලා යන බැංකුවක්.

නෑ.. වැරදියි.. ඒ වගේ දහජරාව නෙමේ මේ බැංකුවේ ගබඩා කරල තියෙන්නෙ.

මේ ලෝකෙ තියන රටවල් එකසිය  අනූපහටම අයත් පැලෑටි හා ශාක නැවත වගා කරන්න පුළුවන් බීජ තමයි මේ අයිස් දූපතේ ඉතාමත් ආරක්ශාකාරී විදිහට ගබඩා කරල තියෙන්නෙ.

අවුරුදු 13,000 ක්  දක්වා අතීතයට දිවයන මිනිසාගේ කෘශිකර්මාන්තයට අයිති සියළුම වගාවන්ට අයත් බීජ හා ධාන්‍ය වර්ග 930,000 ක් මේ ගබඩාවේ තියනව.

 මේ ගබඩා සංකීර්ණය කොයිතරම් ආරක්ශාකාරීද කියනව නම් උල්කාපාත වර්ශාවක්.. න්‍ය්ශ්ඨික පිපිරීමක් .. වසර දහස් ගාණක් පැවතිය හැකි නියඟයක් වැනි ඕනෙම විනාශයකට මූණ දෙන්න පුලුවන් විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.
මෙහෙම කියන්නෙ බ්‍රයන් ලයිනොෆ්  ( Brian Lainoff) මහත්තයා.
එයා තමයි මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ශක.

මේ බැංකුවේ තියෙන්නෙ බීජ වර්ග විතරක් නෙමේ ..ශාක නැවත වගා කරන්න පුලුවන් ඩී එන් ඒ අනු ( DNA) පවා  අයිස් තට්ටු යට ඉතාම සුරක්ශිතව ගබඩා කරල තියනව.

අනිත් වැදගත් දේ තමයි මේක ඇතුලෙ තියන සමහර බීජ හෝ ඩී එන් ඒ ලෝකෙ වෙන කොතැනකවත් නැහැ.

හේතුව වසර දාස් ගාණක් තිස්සෙ මිනිස්සුන්ගෙ හපන්කම් හින්ද සමහර ගස් කොලං.. පැලෑටි  මේ ලෝකෙන් වඳ වෙලා .. චුත වෙලා ගිහින් තියනව.

අවුරුදු 6000 කට කලින් පර්සියාවෙ තිබුනු ධාන්‍ය හෝ අවුරුදු 2700 කට කලින් ලංකාවෙ තිබුනු පැලෑටි වලට අයත්  ඩී එන් ඒ උනත් මෙතන තියෙන්නෙ පුළුවන්.

1980 දි  ඩූම්ස්ඩේ වෝල්ට් සංකල්පය මුලින්ම පටන් අරගෙන  2008 වෙද්දි  වැඩ සම්පූර්ණ කරල ගබඩා පුරවන්න තරම් මේ ව්‍යාපෘතිය කාර්‍යක්ශමයි.
කෝප් ට්‍රස්ට් නම් ආයතනය හරහා නෝර්වීජියානු රජය මූල්‍ය පහසුකම් සපයන මේ බැංකුවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබෙන්නෙත් 2008 වසරෙදියි.

මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ශක කියන විදිහට අවශ්‍ය බීජ හා ඩී එන් ඒ ...මෙස්පොතේමියානු.. නයිල් හා ඉන්දු නිම්න ශිෂ්ඨාචාර කැණීම් බිම්ව්ල ඉඳල .....ඇතුල් වෙන්න අවසර නැති උතුරු කොරියාවෙන් පවා ලබාගෙන තියනව.

ගොඩක් ආකර්ශණීය දොරටුවකින් හැඩ වෙලා තිබුනත් ඇතුලත ගබඩාවට ලඟා වෙන්න පුලුවන් උමගක් මාර්ගයෙන් විතරයි.

1600 කට ආසන්න උප ගබඩා පද්ධති වලින් සමන්විත මේ බැංකු ගොඩනැගිල්ල නිර්මාණය කරන්න පෘථිවියේ දැනට පවතින නවීනතම තාක්ශණය හා ආරක්ශක උපක්‍රම භාවිතා කරල තියනව.

තවත් ලස්සන දෙයක් තමයි.. එකිනෙකා රූස්සන්නෙ නැති උතුරු හා දකුණු කොරියාව..  පලස්තීනය හා ඊශ්‍රායලය වගේ රටවල ගබඩා එකිනෙකාට සමීපව එකට පිහිටා තිබීම.

ඒ පිහිටීම මට පේන්නෙ හරියට උඹල එකිනෙකා මරාගෙන විනාශවෙලා ගියත් අවශ්‍යම දේ මෙතන තියනව.  

“අන්තිමට උඹලගෙ ජාතියද.. ආගමද.. ඉතිහාසයද වැදගත්.. නැත්තං ඔය පොළවෙ තිබ්බ ගහකොල ටිකද මේ ලෝකෙට වැදගත් “වගේ ප්‍රශ්ණයක්.

ඒක නිකක් හරියට හෝමෝ සේපියන්ලට දුන්න  කනේ පාරක් වගේ.

පෞද්ගලිකව මං අකමැති එක දෙයක් තමා මේ ගබඩාවෙ මිනිසුන් නැවත නිර්මාණය කල හැකි ඩී එන් ඒ අඩංගු බව වාර්ථා වීම.  වාසනාවකට ඒක නිළ නොවන ප්‍රවෘත්තියක් තවම.
සියළුම සතුන් ( කෘමීන් ඇතුළුව) නැවත නිර්මාණයට අදාල අනු එකතු කරල තියන එක හොඳ වැඩක්.
නමුත් ආයෙත් සේපියන්ස්ල ආවොත් කරන්නෙ මේ විනාශයම නේද.? ඒ ප්‍රශ්ණෙ අහන්නෙ දාර්ශණිකයො වගේම විද්‍යාඥ්ඥයො.

තව එකක් නොකියම බැහැ.. ලංකාව වගේ දිළිඳු රටවල් කාබනික පොහොරද රසායනික පොහොරද කියල තීරණය කරන්න බැරිව කුලල් කා ගනිද්දි ලෝකෙ අනිත් රටවල් තව අවුරුදු දෙතුන් දාහකින් විය හැකි දේටත් උත්තර හොයාගෙන තියනව.