Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

පැරා ඔලිම්පික් කියන්නේ මොකක්ද ?

1205Views

 

 
 

 

 

1988 දකුණු කොරියාවේ සෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලෙන් පසු, ඔලිම්පික් තරඟ අවසන් වීමත් සමග ඒ සඳහා යොදා ගැනුණු ක්‍රීඩාංගන සහ පහසුකම් යොදා ගෙන සත්කාරක රටේදීම පැරා ඔලිම්පික් තරඟ පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ විය. 


ඔලිම්පික් උළෙලක්  අවසාන වී කෙටි කාලයක් තුළ ආබාධ සහිත මලල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විවිධ මාශ පේශිවල හා ශක්තියට හානි වීම ඇතුළු අබාධිත ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා උළෙල  පැරාලිම්පික් උළෙලයි. 

ඔලිම්පික් උළෙලක් අවසන්ව  එය පැවති සත්කාරක රටේදීම පැරාලිම්පික් උළෙල ආරම්භ කරන අතර පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසය 1948 දක්වා දිව යන්නකි. 

එංගලන්තයේ ස්ටොක් මැන්ඩෙවිල් හි රෝහලක සේවය කළ වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් ලුඩ්වික් ගුට්මන් (Ludwig Guttmann), දෙවෙනි ලෝක සංග්‍රාමයේදී කොඳු ඇට පෙළට හානි වූ හමුදා භටයින් වෙනුවෙන් දුන්නෙන් විදීමේ තරඟයක් සංවිධානය කළේය.

ඒ, එම හමුදා භටයින් පුනුරුත්ථාපනය කිරීමේ වැඩසටහනේ කොටසක් වශයෙනි. 1952 වසරේ දී එය ජාත්‍යන්තර තරඟාවලියක් බවට පත් විය.1960 රෝමයේ පැවති ඔලිම්පික් උළෙලෙන් පසු සත්කාරක රටේදීම පැරා තරඟ පැවැත්වීම ආරම්භ විය.