Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

පැරාලිම්පික් පදක්කමක් දිනා ගනිමින් ලංකාව බැබලවූ කැකිරාවේ යකඩ කොල්ලා

798Views

 

 
 

 

 


2016 වසරේ දිනේෂ් පැරාලිම්පික් පදක්කමක් ලබා ගැනීමෙන් අනතුරුව   ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේ ඔහුගේ ඡායාරූපයක් එල්ලනවාද නැද්ද කියල කතාවක් ඇති වුණා. එවකට සිටි සමහරක් ඊට කැමති වුනේ නැහැ. ඉන් පසු දිනේශ් ලෝක ශූරතා දෙකක පදක්කම් දිනා ගත්තා. ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනාගත්තා. මෑතක දී දිනේශ්ට ඒ සෑම දක්ෂතාවටම සැලකිය යුතු මූල්‍යම⁣ය ඇගයීමක් ලැබුණා.

අද වෙද්දී දිනේශ් ඉතිහාසය වෙනස් කරා. ලෝක මට්ටමේ තරගාවලියක ජාතික ගීය වාදනය කරවීමට සැලැස් වූ එකම ක්‍රීඩකයා විදියට. මීට පෙර ඒ අත්දැකීම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකට විඳින්න ලැබිල නැහැ.

වසර 30 ක් යුද්ධය පැවති රටේ දිනේෂ්ල සිය ගණනක් උතුරේ සිට දකුණ දක්වා සිටිනවා නියතයි.

එදා පින්තූරයක් එල්ලන් බෑ කීවේ කුහක කමට විය හැකියි. ඒත් අද දිනේශ්ගේ පින්තූර සෑම දෙනාගේම සිත්තුල වෙලී අවසන්ය.


සටහන - ඉසුරු M_ අතපත්තු 
මූලාශ්‍රය - Facebook