Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඇෆ්ගනිස්ථානයට කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ තබන්නේ නෑ - ඉන්දියාව

1980Views

 

 
 

 

 

මේ මොහොතේ ඇෆ්ගනිස්ථානයේ ඇති වාතාවරණය පිළිබඳ ඉන්දියාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති අතර ඇෆ්ගනිස්ථානයෙන් සිය භටයින් ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය එක්සත් ජනපදය අවසන් කිරීමත් සමඟ වැඩි වන ප්‍රචණ්ඩකාරී සිද්ධීන් නිසා භීතිය සහ අවිනිශ්චිත භාවය වැඩි වී ඇති හෙයින් ඉන්දියාව විසින් අඟහරුවාදා ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව අදාලව යෝජනාව සම්මත කර ඇත. 


යෝජනාව මගින් ඉල්ලා සිටින්නේ ඇෆ්ගනිස්තානය කිසිඳු රටකට තර්ජනය කිරීමට හා පහර දීමට හෝ ත්‍රස්තවාදීන්ට නවාතැන් දීමට හා පුහුණු කිරීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් සැලසුම් කිරීමට හා මුදල් යෙදවීමට භාවිතා නොකරන ලෙසයි.


කාබුල් ගුවන් තොටුපල ඇතුළුව ඇෆ්ගනිස්ථානයෙන් ගමනාගමනය පහසු කිරීම පිළිබඳව ඉන්දියාවේ ක්‍ෂණික අවධානය යොමු කරයි. එමඟින් ඇෆ්ගනිස්ථාන තුල අතරමංව සිටින ඉන්දියානු ජාතිකයින් මෙන්ම ඉන්දියාවට යාමට කැමති ඇෆ්ගන් ජාතිකයින් (සුළු ජාතීන් ද ඇතුළුව)ද ආවරණය කෙරේ.මෙම යෝජනාව මගින්  මානුෂීය ආධාර, මානව හිමිකම්, සියල්ල ඇතුළත් සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර ආරක්‍ෂක මණ්ඩලය විසින් මෙම කරුණු සම්බන්දයෙන් ප්‍රමුඛතාවය ගැනීමට තීරණය කරන බව යෝජනාව මඟින් ප්‍රකාශ කර තිබීම ද වැදගත් ය.


මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන් සමඟ ඉන්දියාව පසුගිය දින කිහිපය තුළ අඛණ්ඩ සම්බන්ධතා පැවැත්වා ඇති අතර මෙම ගැටළුව ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් එක්සත් ජනපද විදේශ ලේකම් බ්ලින්කන් සමඟ දුරකථන සංවාදයකද  නිරතවී ඇත.


අතරමංව සිටින ඉන්දියානුවන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම, ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ඉන්දියාවට යාම සහ ඇෆ්ගනිස්තානය කිසිඳු ආකාරයකින් ඉන්දියාවට එරෙහිව එල්ල වන ත්‍රස්තවාදී ක්‍රියා සඳහා භාවිතා නොකරන බවට සහතික වීම යන කරුණු වලින් එය සමන්විතය.