Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගිය අවසන් හමුදා නිලධාරියා - මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනායු

1557Views

 

 
 

 

 

2001 දී ඇමරිකානු හමුදාව එරටට ඇතුළු වී මුලිනුපුටා දැමීමට උත්සාහ කළ ඉස්ලාමීය සටන්කාමීන්ට නැවතත් ඇෆ්ගනිස්ථානය භාර දී මෙම ගුවන් යානය පිටත් වීම දීර්ඝ හමුදාමය ප්‍රයත්නයේ අවසාන පරිච්ඡේදය විය
.
ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක කාලයක් පැවති, ඇමරිකාවේ දීර්ඝතම, යුද්ධය නිමා කරමින් එක්සත් ජනපදයේ අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් විය

මෙලෙස  වසර 20 ක කාලයක් පැවති, ඇමරිකාවේ දීර්ඝතම, යුද්ධය නිමා කරමින් එක්සත් ජනපදයේ අවසන් හමුදා නිලධාරියා පිටව යන ආකාරය ජාත්‍යන්තරයේ කාගේත් අවධානය යොමු වූවා. 

මෙලෙස එලෙසින් අවසන්  වතාවට පිටව ගිය නිලධාරියා වුයේ 82 වන ගුවන් අංශයේ අණ දෙන නිලධාරියා වන එක්සත් ජනපද හමුදා මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනායු 1992 දී ඇමරිකානු යුධ සේවයට එකතුවන ඔහු උපත ලබන්නේ 1969 අගෝස්තු මස 13 වෙනිදා. වයස අවුරුදු 52 වන ඔහු එරට ප්‍රමුඛ යුධ අවස්ථා සදහා තම දායකත්වය ලබා දී ඇත. ඩෙල්ටා ෆොස් යන නාමයෙන් ප්‍රචලිත ක්‍රියාන්විතය,ඉරක යුද්ධයට සහ ඇෆ්ගනිස්ථාන යුද්ධයට සක්‍රියව දයක වී ඇත. 

යුධ සම්මාන රැසක්ද සහිත ඔහු 82 වන ගුවන් අංශයේ අණ දෙන නිලධාරියා මේජර් ජනරාල් වන ඔහු ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගිය අවසන් යුධ භටයා බවට ඉතිහාසයට එක්විය, 

තලේබානුවන් හට අත්පත් කරගැනීමට තීබූ අවසාන ස්ථානය බවට පත්වු ගුවන් තොටුපල ඇමරිකානු තානාපති ද රැගෙන යානය පිටත් වූ පසු තලේබානුවන් විසින් අහසට වෙඩි තබා ප්‍රීති ඝෝෂා පවත්වා ඇත.