Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

"දැන් අපිට අපිව නැතිවම බෑ....." සුරූපී සඳනි පෙම්වතා ගැන කියයි

4741Views

 

 
 

 

 

 


ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනිය තමයි සඳනි කියන්නේ. ඇයගේ සුන්දරත්වයට සම කරන්න පුළුවන් කිසිම රංගන ශිල්පිනියක් ලංකාවේ නෑ කියලයි ඇයගේ රසිකයින් කියන්නේ. සුන්දර සිරුරත්, ලස්සන මුහුණත් , කළා විලාශයත් නිසා හැමෝම සඳනිට ගොඩක් ආදරෙයි. 

සඳනි රංගනයට කලින් පිවිසෙන්නේ නිරූපන ක්‍ෂේත්‍රයට. ඉතින් ඇය නිරූපනයට එකතු  වුණ  විදිය  ගැන කියන්නේ  මේ වගේ කතාවක්......

"මම මුලින්ම නිරූපනයට එකතු වුණේ  2016 වර්ෂයේ දී. ඊට පස්සේ මම වෙළඳ දැන්වීම් වලට පෙනී සිටියා.  ඊට පස්සේ 2017 වර්ෂයේ රුපවාහිනී අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළා......"

මේ වන විට සඳනි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ඇයගේ ඉදිරි බලාපොරොත්තු ගැන කියන්නේ මේ වගේ කතාවක්......

"රඟපාන ගමන් මෝස්‌තර නිරූපනය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. කාලයක් මම මොඩ්ලින් කල නිසා මට ඒ දේට සුදුසුකම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි කොච්චර දේවල් ලැබුණත් සරලව ඒ දේවල් විඳගන්න තමයි මම කැමති. සරල බව කියන්නේ මගේ ජීවිතයේ කොටසක්...."

සඳනි දැන් පෙම්වතියක්. ඇයගේ ආදරණීය පෙම්වතා තමයි පියත් රාජපක්ෂ කියන්නේ. පියත් කියන්නේ ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න ගායකයෙක්. පසු ගිය කාලයේ ඇය වෙනුවෙන් පියත් ගීතයකුත් නිර්මාණය කරලා තිබ්බා. ඉතින් ඇය පියත් ගැන  කියන්නේ මේ වගේ කතාවක්......

" මම කළා ක්‍ෂේත්‍රයට ආවට පස්සේ තමයි මට පියත් මුණ ගැහෙන්නේ. ඇත්තම කියනව නම් ඒ ආදරය මාව ජීවත් කරවනවා. අපි ගොඩක් ආදරෙන් ඉන්නේ. දැන් අපිට අපිව නැතිවම බෑ....."


සටහන - ඉසුරු M_ අතපත්තු