Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

කොරෝනා මැද ලොව සුපිරි බලවතා වීමට සැරසෙන ඉන්දියාව

1002Views

 

 
 

 

 

ඉන්දීය භූ විද්‍යා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය  ජිතෙන්ද්‍ර සිං   ඉන්දීය තාක්ෂණ සංවර්ධන මණ්ඩලයේ 25 වැනි සංවත්සර දිනයේ දී ආරම්භක දේශනය පවත්වමින්ඉදිරි වසර 25 තුළ, කෘතිම බුද්ධිය, තාරකා විද්‍යාව, දත්ත විද්‍යාව, සූර්‍ය බලශක්තිය, හරිත හයිඩ්‍රජන්, අර්ධ සන්නායක, ක්වොන්ටම් පරිගණක, දේශගුණික විපර්යාස අවම කිරීමේ තාක්‍ෂණයන් සහ සයිබර් භෞතික විද්‍යාව වැනි නැගී එන ක්ෂේත්‍රයන්හි ලොව ප්‍රමුඛයා වීමට ඉන්දියාව අපෙක්ෂා කරන බව ඉන්දීය අමාත්‍ය  ජිතෙන්ද්‍ර සිං පැවසූ බව India News Network.සදහන් කරයි.

සමාජීය ප්‍රතිලාභ සඳහා විද්‍යාව සහ තාක්‍ෂණය භාවිතය  ගැන සඳහන් කරමින් ආචාර්ය ජිතේන්ද්‍ර සිං පැවසුවේ, “ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සාමකාමී අරමුණු සඳහා සිදු කරන බව ආචාර්ය භභා(Dr Bhabha) ප්‍රකාශ කළා”  පමණක් නොව ඉන්දියාවේ සැබෑ අපේක්ෂාවද න්‍යෂ්ටික බලය  සාමකාමී ලෙස විද්‍යාව හා තාක්ෂණයේ  දියුණුවට භාවිතා කිරීම බවයි.

කෘෂිකාර්මික නිෂ්පාදන වල ආයු කාලය වැඩි කර ගැනීම සඳහා ප්‍රතිකාර කිරීමේදී   ප්‍රකිරණය(irradiation) ඉතා කාර්‍යක්‍ෂම බව ඔහු පැවසීය.කවද covid අර්බුදය උච්චතම අවස්ථාවේදී පරමාණුක බලශක්ති දෙපාර්තමේන්තුව නැවත භාවිතා කළ හැකි පිපීඊ(PPE)  කට්ටල සකස් කළ බවද ඔහු සඳහන් කළේය.ඉන්දියාව විද්‍යා හා තාක්‍ෂණය  භාවිතා වන සෑම ක්‍ෂේත්‍රයකම වේගයෙන් නැඟී එන අතර ඉන්දියාවේ සෑම නිවසකම තාක්‍ෂණය   බෙහෙවින් භාවිතා කරයි.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ සැබෑ සාර්ථකත්වය තක්සේරුකරණුයේ බහුතර ඉන්දියානුවන්ට පහසු දීවි පෙවෙතක් භුක්ති විඳීමට උපකාර කිරීමෙන් බවයි.

තවද මෙම අවස්ථාවට එක්වෙමින් ආචාර්ය සාරස්වත්(Dr Saraswat) ප්‍රකාශ කළේ ඉන්දියාවේ පර්යේෂණ හා සංවර්ධන පරිසර පද්ධතිය වෙනස් වී ඇති අතර වත්මනෙදී පරිවර්තන පර්යේෂණ සහ වාණිජකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.ඉන්දියාවේ ආරම්භක අවධියේ ඇති කර්මාන්ත 5000 කට වැඩි ප්‍රමාණයක්  තිබෙන අතර ඉන් 50 කට ආසන්න ප්‍රමාණයක් කාන්තා ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබයි. 

බහුජාතික සමාගම් ඉන්දියානු නවෝත්පාදනයන් සඳහා අරමුදල් යෙදවීම සහ ඉන්දියාවේ පර්යේෂණ හා සංවර්ධන පහසුකම් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත.මෙය සමස්ථ දකුණු ආසියාවටම යහපත් ප්‍රවණතාවයකි.