අපේ කළා ලෝකයේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියන්නේ. ඉතින් මේ දවස්වල දසුන් ජීවිතේ ගෙවන ආකාරය ගැන ඔහු පවසන්නේ මේ වගේ කතාවක්.......
" මේ දවස්වල එලියට බැහැල ලොකුවට දඟලලා වැඩ කරන්න බෑ. මේක රටටත් අපිටත් එච්චර හොඳ කාලයක් නෙවෙයි. ඉතින් ගෙදරට වෙලා බිරිඳ දරුවා එක්ක විනෝදෙන් ඉන්නවා. ඒ වගේම ගොඩක් ආරක්ෂාකාරී විදියට බාරගත්ත වැඩ ටිකක් කරගෙන යනවා . සරලවම කියනවනම් මේ දවස්වල ලොකු විශේෂයක් නෑ.
දසුන් කියන්නේ චරිතාංග රංගන ශිල්පියෙක්. ඔහුට ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් ඉතා අපුරුවට රඟපෑමේ සුපිරි හැකියාවක් ඔහු සතුව තියෙනවා. ඊට හොඳම උදාහරණ තමයි ‘හුස්ම’ ‘මාත්‍රා’ ‘මෝර්ට බයිසිකල්’ කියන්නේ. එකිනෙකට වෙනස් චරිත හරහා නිතරම ඔබ හමුවන දසුන් මේ වනවිට පුංචි දියණියකගේ තාත්තා කෙනෙක්.
පෙම්වතියක් නෑ, විවාහ වෙලා නෑ කියන දසුන් එක පාරටම තාත්තා කෙනෙක් වුණා කීවාම කිසිම කෙනෙක් විශ්වාස කලේ නෑ. ඉතින් ඒ ගැන දසුන් කියන්නේ මේ වගේ කතාවක්......
" මම ළමයෙක් හදපු එක ගැන ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුණා. මගේ වයසත් එක්ක මට ඕන වුණා දරුවෙක් හදන්න. ඇත්තම කියනවනම් මට ඒ අදහස ආවේ මම රඟපාපු නිර්මාණයක් නිසා. ටෙලිනාට්‍යයක මම තාත්තා කෙනෙක්ගේ චරිතයක් රඟපෑවා. ඒ නාට්‍ය කලාට පස්සේ මට හිතුනා මමත් දැන් දරුවෙක් හදන්න ඕන කියලා. ඒ නාට්‍ය කරනකන් තාත්තා කෙනෙකුගේ හැඟීම් මට දැනිලා තිබ්බේ නෑ. නමුත් ඒ නාට්‍ය මගේ ජීවිතේ වෙනස් කළා......."