Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඉන්දියානු හොකී කන්ඩායමේ පුනරාගමනය

568Views

 

 
 

 

 

ඉන්දියානු හොකී අතීතය, ඉන්දියන් ක්‍රිකට් කන්ඩායමටත් වඩා ඉතිහාසයකට දිව යයි. ඉන්දීය ක්‍රිකට් කන්ඩායම ටෙස්ට් වරම් දිනා ගත්තේ 1932 වුවද, ඉන්දීය හොකී කන්ඩායම ඔලිම්පික් වලට මුලින්ම සහභාගී වෙන්නේ 1928 දීය.

ඔලිම්පික් හොකී ඉතිහාසය තුල වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් සහ වැඩිම පදක්කම් ගනනක් දිනා ඇත්තේද ඉන්දියාව විසිනි. 1928 සිට 1958 දක්වා සියළුම ඔලිම්පික් රන් පදක්කම් වල හිමිකාරිත්වය දැරුවේ ඉන්දියාව විසිනි.

1971 වසරේ හොකී ලෝක ශූරතා තරඟාවලිය ඇරඹුනු අතර 1975 වසරේදි ඔවුන් ලෝක ශූරයන් විය.

1970 දශකයේදී හොකී ක්‍රීඩාවට කෘතිම තණතිල්ල (synthetic astro turf)  හඳුන්වා දීමත් සමග ඉන්දීය හොකී ක්‍රීඩාවට කණකොකා හඬන්නට විය. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙල මුල් වරට කෘතිම තණතිල්ලක් මත පැවැත්වූ ජාත්‍යන්තර තරඟාවලිය විය.

1928 සිට 1972 දක්වා පැවැත්වූ ඔලිම්පික් තරඟාවලි වලදී රන්, රිදී හෝ ලෝකඩ පදක්කමකට හිමිකම් කියූ සහ 1975 ලෝක ශූරයන්වූ ඉන්දියාවට 1976 ඔලිම්පික් වලදී 7 වෙනි තැන දක්වා පසු බැසීමට සිදු විය.

නැවතත් 1980 මොස්කව් හිදී සාමාන්‍ය තණ තිල්ලක පැවැත්වූ හෙයින් රන් පදක්කමට හිමි කම් කීවේය. 1984 දි අසල් වැසි පාකිස්ථානය ඔලිම්පික් කිරුලට හිමිකම් කීය.

ඉන්දියාව හා ඔවුන් සමග කරට කර සිටි පකිස්ථානය, 1986 දී කෘතිම තණ තිලි ජාත්‍යන්තර සම්මතයක් වූ පසු ලෝක මට්ටමේ පදක්කම් වලින් හැලී ගියේය.

2021 වසර ඉන්දිය හොකී කන්ඩායමේ පුනරාගමනයයි. ලෝක ශූරයින් වූ බෙල්ජියමට අවසාන පූර්ව තරඟයෙන් පැරදුනද, හොකී ක්‍රීඩාවේ තිඹිරිගෙය වූ මහා බ්‍රිතාන්‍යය පරදවා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඒ 1980 වසරෙන් පසුව, ලෝක මට්ටමේ තරඟාවලියක පදක්කමක් දිනූ ප්‍රථම අවස්ථාවයි.



සඳරුවන්