Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

පහන්තුඩාව පරදා මිලියනයක් බැලූ අක්කගෙයි නංගිගෙයි කොත්තුව

2388Views

 

 
 

 

 

"මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. හැබැයි දැන් ඒ සම්බන්ධය නෑ. එයා මාව රැවැට්ටුවා. කොල්ලෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ඇබ්බැහි වෙලාන්ම් බේරගන්න පුලුවන්, වෙන ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවානම් ඒක ගැන තේරුම් කරලා දීලා ඒක නතර කරගන්න පුලුවන්. හැබැයි එයා කරපු වරද මට මාධ්‍යයක කියන්න බෑ. එයා නිසා මම දුක් වින්දා, ඇඬුවා, නොකා නොබී හිටියා , අන්තිමට මගේ දිගට තිබ්බ කොණ්ඩේ කොටටම කපලා දැම්මා. මම මහන වෙන්න හැදුවා. හැමදේම අතඇරලා දාලා"

ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මේ කතාව අපිට කිව්වේ මොරටුව "රජරස කේටරින් ඇන්ඩ් කැෆේ" එහෙමත් නැත්තම් හැමෝම දන්න " අක්කගෙයි නංගිගෙයි කොත්තු කඩේ" අධිපතිනි අනුත්තරා හංසිනි.

මීට ටික දවසකට කලින් නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම මේ අක්කගෙයි නංගිගෙයි කොත්තු කඩේ ගැන බැලුම්ගල B Positive වැඩසටහනකින් අනාවරණ කලා. ඒ මේ ධෛර්යමත් තරුණියන් දෙන්නා ගැන සමාජයටම කියන්න. අනුත්තරාගේ වයස අවුරුදු 22යි. අනුත්තරාගේ නංගිගේ වයස 17යි. මේ දෙන්නා එකතුවෙලා තමා මේ කඩේ කරගෙන යන්නේ. කාන්තාවන්ට මේ සමාජේ කරන්න බැරි වැඩක් නෑ කියලා මෙයාලා දෙන්නා පෙන්නලා දීලා තියෙනවා. මේ දෙන්නා ගැන බැලුම්ගල කරපු විඩියෝ එක මිලියනයකට අධික පිරිසක් දැනටමත් බලලා. ඒ හැමෝගෙම ආශිර්වාදය ඔවුන් දෙන්නටම ලැබිලා තියෙනවා. ඒ නිසාම මේ කොවිඩ් ඇඳිරිනීතිය මැද්දේ එයාලා තව පියවරක් ඉස්සරහට තියලා. ඉස්සර කඩේදි විතරක් කොත්තු රයිස් හදපු මෙයාලා දැන් online ඩිලිවරි කරන්නත් පටන් අරන්. කොත්තු ගහන්නේ අක්කා...ඒ කියන්නේ අනුත්තරා... රයිස් දාන්නෙ අනුත්තරා ගේ නංගි. මේනිසාම මේ දෙන්නාගේ කෑමවලට ලොකු ඉල්ලුමක් තියෙවා..

" ජිවිතේ එපා වෙලා හිටපු මම හිතුවා ආයෙමත් පටන් ගන්න ඕන කියලා...ඒ නිසා මම හිතුවා පුලුවන් තරම් බිසී වෙන්න් ඕන කියලා..ඒ නිසා තමා කඩේ වැඩ පටන් ගත්තේ. කොත්තු බාස්ට දෙන සල්ලි ඉතුරු කරලා මමම වැඩ පටම් ගත්තා, නංගි රයිස් දාන්න ඉගෙන ගත්තා. මම හැමදේම අමතක කරලා මගේ ගමන යන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි නංගි විතරයි මට දැන් ඉන්නේ. මම කොහොමහරි මගේ ජිවිතේ දිනනවා. ඒක තමා මගේ එකම ප්‍රාර්ථනය. මම හැමෝටම කියන්නේ කඩා වැටීම්වලින් නතර වෙන්න් එපා. ප්‍රශ්ණවලින් පරදින්න එපා.. දිනන්න පුලුවන්."

සටහන - චිරාන් ජීවන්ත ධර්මසේන

 

 

අක්කාගෙයි නංගිගෙයි කොත්තුකඩේ ගැන නෙත් එෆ් එම් බැලුම්ගල විඩියෝව පහතින්