Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

මැණික් ගඟට බහිද්දි ඔබත් ප්‍රවේසමෙන්

1122Views

 

 
 

 

 

ශ්‍රී ලංකාවේ හුගක් ජනප්‍රිය ගංගාවක් වෙන මැණික් ගගේ මෝරු ඉන්නව කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන්.ඒත් ඔයාල අපි හැමෝම කතරගම පුදබිමට ගියාම දිය නාල විනෝද වෙලා එන මැණික් ගග තුලින් මෝරුන් වාර්තා වෙනවා වර්තමානයෙත්.ඒත් බියවෙන්න කිසිම කාරණාවක් නෑ මේ වාර්තා වෙන මෝරුන් විශේශය මිනිසුන්ට කරදරයක් කරන්න තරම් විශාල මෝර විශේශයක් නෙවෙ සාමාන්‍ය භාවිතයේ අපි කිරි මෝරුන් කියල හදුන්වන අඩි 4 ක වගේ ප්‍රමාණයට වැඩෙන මෝරුන් ගණයට අයත් විශේශයක්.(සමහරුන්ගේ වාර්තා අනුව මේ ඉතා දුර්ලභ pundacherry shark කියන විශේශය ලෙස සදහන් වුනත් තවම ඒ බව තහවුරු කරල නෑ) පහත තියෙන්නෙ මැණික් ගගේ ඉන්න මේ මෝරු අහම්බෙන් කැමරාවල සටහන් වුණු අවස්තා.

ඒත් ඇත්තටම කොහොමද මහ මුහුදෙ හම්බවෙන මෝරුන් මිරිදියේ ඉන්නෙ ? නැත්තම් මේ මිරිදිය මෝරුන් විශේශයක්ද ? කියන ප්‍රශ්න හුගක් අයට තියෙනවා.ලෝකේ බොහෝ රටවල මිරිදිය මෝර විශේශ වාර්තා වුණත් ශ්‍රී ලංකාවේ මැණික් ගග ආශිත්‍රව ජීවත් වෙන මේ විශේශය කරදිය මෝරන් විශේශයක් බවත් ඔවුන්ගේ සුවිශේශි ශ්වසන හැකියාව නිසා මොවුන්ට මිරිදියේ ජීවත් වීම ප්‍රශ්නයක් නොවෙන බවත් සදහන්.ඒත් ඔවුන් ඇයි ඇත්තටම මිරිදියට එන්නෙ කියන එක තවමත් පිළිතුරු හම්බවෙලා නැති ප්‍රශ්නයක්.මේ පිළිබදව පරීක්ෂණ කරන අයගෙ මතය තමයි මොවුන් ආහාර සොයාගෙන හෝ මොවුන්ගේ වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියට මේ වගේ ගගේ ඉහළට සංක්‍රමණය වෙනවා කියන එක.ඒත් ඇත්තටම තවමත් නිශ්චිත හේතුවක් තහවුරු කරල නෑ ඒ ගැන.

 මැණික් ගංගාවේ මෝය කටේ ඉදල කිලෝමීටර් 15 ක් ගග ඉහළ පිරිසිදු මිරිදියේ පවා මේ මෝරුන් ජීවත්වෙන බව තහවුරු කරන වැඩසටහනක් කාලෙකට කලින් සොබාධාරා වැඩසටහනෙත් විකාශය වුණා.ඒ වැඩසටහනේ විස්තර අනුව මැණික් ගගේ සුවිශේශි ජල තත්වය නිසා මැණික් ගග ආශිත්‍රව මෙයාල හමුවුණත් ලංකාවේ වෙනත් කිසිම ප්‍රදේශයක මෙයාලා වාර්තා නොවෙන බව සදහන්.වැඩසටහනේ ලින්ක් එකත් පහළ තියෙනවා.ඉතින් ලංකාවේ වටිනා සම්පතක් වෙන මේ මෝරුන් විශේශය ආරක්ශා කරගන්න දායක වෙන එක අපි හැමෝගෙම වගකීමක්.

 

 

සඳරුවන්