Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලොව අංක එක සහ අංක දෙකේ පන්දු යවන්නන් අතර T- 20  තියුණු තරගය අදින් ඇරඹේ

1068Views

 

 
 

 

 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා අතර තරග තුනකින් සමන්විත T-20 තරගාවලියේ ප්‍රථම තරගය   රාත්‍රී 7 ට ආරම්භ කිරීමට නියමිතව ඇත, කොවිඩ් මාර්ග උපදෙස්වලට අනුකූලව ආරම්භ කරන මෙම තරගය  ආර්  ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයේ වෙනස්කම් රැසක් සහිතව අද තරගය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනාගෙන ඇත, වසර ගණනාවකට පසු දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයක් හිමි කර ගත් අතර එය කාගේත් අවධානයට ලකිවිය. 

අද පැවැත්වෙන තරගයේ තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ T-20 ශ්‍රේණිගතකිරීම් වලට අනුව ලොව ප්‍රමුඛ පන්දුයවන්නන් දෙදෙනා කණ්ඩායම් දෙකේ වීමයි. ත්බ්රිස් සම්සි දකුණු ලොව T -20 ශ්‍රේණිගතකිරීම් අනුව අංක එකේ සිටින අතර වනිදු හසරංග දෙවන ස්ථානයේ පසුවේ